Sunday 8 September 2013

පැතුම


සඳුට පෙම්කල
බවත් හැබැවැයි
බොහොම දුර බව
දැන දැනත්
මම....
අමාවක රෑ
පවා සෙව්වා
සුපුන් සඳවත
නොදන්නා ලෙස....

 

 
සුළඟ සමගින්
හමායන බව
දැන දැනත්
පෙම් කල අපූරුව
 නොදන්නාසේ
නුඹත් සිටියා
මගේ ආදරෙ
මිහිර විඳ විඳ.......

හිත උඩින් මහබරක් තියලා
මටත් නොකියා ගිය අපූරුව
තවම මම මග බලා ඉන්නව
දකින්නට නුඹෙ
සිනහ උවනත...............

14 comments:

  1. අදනෙ ආවෙ මේ පැත්තට
    අපූරුයි චින්කගේ වෑයම
    දිගු ගමනකට ඇරයුම
    එකතු වී යමු අපි සියල්ලම

    දිගු ගමනකට සුභ පැතුම් මචං :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමී ඉඳගෙන

      Delete
  2. ඔන්න මමත් පන්නන්ට ගත්ත පස්සෙං..ලියන්න දිගටම..අපි කියවනව..

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි දිගටම ලියන්නම්

      Delete
  3. Replies
    1. හැ මේ මොකෑ ඉඳගෙන මෙහෙක් වෙලා

      Delete
  4. සමී කිව්ව පාරෙන් තමයි මං මේ කුරුළු පැටියව බලන්න ආවේ! ලස්සනයි කවිය දිගටම එන්නම්කෝ ඈ..

    මම අඩවියේ(සැඟවී සිටින බ්ලොග් ඝාතක) අල්තයීර් උන්නැහේ.. කවි ලියන වෙලාවට නම් මං කරූ තමා..
    අල්තයීර් කිව්වත් කරූ කිව්වත් මං මංම තමයි බොලං!

    ReplyDelete
    Replies
    1. බොලොග් ඔස්තාර්ල මේ මගේ පුන්චි බ්ලොග් එකට එනකොට කාටද ආඩම්බර ඈ ඉඳගෙන
      ස්තූතියි සමී
      ස්තූතියි අල්තයීර්-Altaïr (කරූ)

      Delete
  5. පක්ෂියෝ පරිස්සමෙන් ඈ

    ReplyDelete
  6. පක්සියා අල්ලන්න ඔන්න මාත් ආවා ඉදගෙන...

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මේ දැනෙන සන්තෝසයක් ඉඳගෙන

      Delete
  7. නියමයි චින්කෝ. ඔහොම යාන්. වැඩ වැඩි බව දන්නවා. පුළුවන් වෙලාවට ලියහන් , අපිටත් බලන්න ,
    ජය ශ්‍රී

    ReplyDelete