ජෙල් ගා හිස පීරගෙන
ටී ෂර්ටය යට කරගෙන
නියම හැන්ඩියෙක් විලසට
ඩෙක් ෂූස් දාගෙන
යාලුවන් සැට් එකත් එක්කම
ගොඩ වැදුනා බාර් එකකට
නියම මහතෙක් විදිහට
වීදුරුව පුරවලා
චියර්ස් යැයි කියලා

දත් කූරෙන් බයිට අමුනලා
සොට් දෙක තුන උනා
හතර පහකුත් වැදුනා
වීදුරුව පෙරලුනා
සිoහලත් අමතක උනා
සුද්දගෙ ඉන්ගිරීසිය
කියනව උටත් වඩා නියමෙට
බයිට් එක හැම අතමය
අත පිහදීම ඩෙනිමෙන් මය
යට කල ටී ෂර්ටය
නිකන්ම දැන් උඩය
ජෙල් ගාපු කොන්ඩය
අස්සේ ඇත්තේ ළූනු කෑලිය
වේටර් මල්ලියා
සර් කියලා කිව්වා
ඒත් දැන් මේ යකා
බනිනවා හඬ නගා
පරණ රස මිහිරී
කියනවා පැටලී
ඒ අතර දුක් ගී
ඇසෙනවා කෙඳිරී
බිලකුත් ගෙනාවා
සල්ලි එක් කෙරුවා
වේටර් මල්ලියා
ටිප් එකට ඉව කෙරුවා
මහ රෑ ජාමය
යන්න වාහන නැතිමය
යාලුවෙක් එක් වරම
දැම්ම කබරයා තාම මතකය
කෑ චිකන් කෑලි
එක්ක බී ඒ සැර ජාතී
ආව සුවදට පැටලී
තවත් එකෙකුත් කබර දාපී
පැමිණ ගෙදරට
සිග් සැග් මැහුම විලසට
රිoගා කාමරයට
නිදා ගත්තේ කොහෙද ඇත්තට

උදෑසන බැනුම්ය
කෑම කන්නට නොහැකිය
නැගිට ගන්නට නොහැකිය
ඔලුව මාගේ නොමැති ගානය
පහුවෙනිද නැගිටලා
බැලු විටදි විමසලා
මුලු ඇඟම් නෑවිලා
තිබුන කබරයො දාපු ඒවා
ඔලුවම විකාරය
නැගිට ගන්නට නොහැකිය
මොකට බිව්වා කියා මා හට
හිතා ගන්නට තාම නොහැකිය
ආයෙනම් බොන්නෑ
නිකන් දුන්නත් ඕනි නෑ
මෙහෙම දුක් වෙන්න බෑ
ආයෙනම් මම බොන්නෙ නෑ
හිතලා එහෙම මම
හැරුනා ඇදේ පැත්තට
මැසේජයක් ආවා මට
සැට් වෙමුද හවස ජාමෙට
නියමයි හැබැයි මලාට බොන්නෑ කියන්නෙ බීල බීල චප්ප වෙලා මාරුවෙන් ඉද්දි විතර තමා ,
ReplyDeleteහරියට හරි සජන් මහත්තයො ඉඳගෙන
Deleteනියමයි ඈ ලෙසටම දීලා තියනවා
ReplyDeleteස්තූතියි චූටියො
ReplyDeleteනියමයි චින්කෝ. ඇත්ත ඇති සැටියෙන් . කවුරුතොහොම තමයි බන්, ලස්සනට සරලව ලියල තියනවා, සුබ පැතුම, ජය වේවා උඹට
ReplyDeleteජය ශ්රී
ස්තූතියි ස්රී මාමෙ ඉඳගෙන
Deleteඒකනේ ඉතිං කියන්නේ ඔය මල ජරාව කටට ගන්න එපා කියලා!
ReplyDeleteහැ...........ඒකත් ඒමද ඒනම් බොන්නෙ කෝමෙයි ඈ ඉඳගෙන
Deleteඔය තියෙන්නේ කැරැට්ටුව ලියලා
ReplyDeleteහැක හැක
Deleteහහහා පට්ට.... අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
bබෝම ස්තූතියි රජෝ ඉඳගෙන අපිලගෙ මූන නෑ නෑ බ්ලොග් එක බලල කොරල කොමෙන්ටුවක් දැම්මට
Delete