Sunday 19 October 2014

සුදු පුතේ.................


පුතේ,
මා බලා උන්නෙ උඹ එනකල් ගෙදර
බෙදා තිබු බත් පිඟාන තාමත් මේසය උඩය
උගුර කට හිර උනා ආරංචිය ලැබු විගස
කොහොම ඉවසම්ද මම මට දුන්නු මේ කඳුල.....
පොලිසියේ මහතැන් ගෙදරටම ආවාම
මම් අහිතුවෙ වැරදිලා කියලා මහතැන්ට
උඹෙ අයිඩෙන්ටිය දීලා මගෙ අතට
ඇහුවා දන්නවාදැයි අනේ ඒ මහත්තැන්ම
මේ මගේ සුදු පුතා කිව්වා බයෙන් මම
මට දුන්නෙ ලියමනක් ලියපු උඹෙ අකුරෙන්ම
කියවා ගන්නෙ කොහොමනොදන්නකොට අකුරු මම
කියවා දුන්නේ පොලීසියේ මහතැන්ය...........
උඹ පනිනවාලු මහ කන්දෙන් පල්ලට
හේතුව උඹෙ ආදරය නැති වීමය
අනේ මගෙ සුදු පුතේ හිතුනේ නැද්ද මා ගැන
වසර 25ක් මම බලා උන්නෙ උඹ ගැනම.........
කඳුළු දහඩිය හෙලා උස්මහත් කර උඹව
බඩට කෑවේ නැතිය පිරෙව්වා උඹෙ කුස
රජ කම ගන්නට නොව දෙපයින් සිටින්නට
ඉගැන්නුවේ මම උඹ මිනිහෙක් කරන්නට.....
ඒත් මගෙ සුදු පුතේ නොහිතාම මා ගැනම
අවුරුදු 3ක් දැනහදුන ගත් කෙල්ල
දමා ගියා යැයි කියා දිවි නසා ගෙන උඹ
මම කොහොම ඉවසම්ද මට දුන්නු මේ දුක.........
පොඩි කාලෙ අතගාපු රෝස කම්මුල් යුවල
ලොකු වෙද්දි රැවුල් කොට එක්ක මම දකින කොට
මගෙ පුතා ලොකු වෙලා හිත යටින් වී සතුට
හීන මාලිගා මම මැව්වා මහ උසට
ඒ උනත් සුදු පුතේ ඒ උවන නැතිලු අද
උඹෙ සියුමැලි ගත විසිරිලාලු තැනින් තැන
පොඩි කාලෙ අත ගගා මම හැදුව උඹෙ ගත
දැක ගන්නවත් මෙමට නැහැල්ලූ ඉඩ හසර
කුහුඹුවෙක්වත් මරාගන්න බැරිවු උඹ
කොහොමදැයි හිත දැඩිව කරගත්තෙ මේ දෙය
අනේ මගෙ සුදු පුතේ ඇයි නොකිව්වේ මෙමට
කිව්වනං කියාදෙනව ජීවිතය මම උඹට
උඹ වගේ මහ විභාග සහතික නැතත් මට
දන්නවා ජීවිතය කියලා දෙන්න මම
අනේ මගෙ සුදු පුතේ කුමක් කරන්නද මම
දිව යන්නද කිසා ගෝතමිය වගේ මම
පහදලා දෙන්න හිත නිවන බණ පදය
නැති නිසා සමිඳු අද
මා දුකින් මිය යාවි හරිම හෙමීට
ඒත් මගෙ සුදු පුතේ මගෙ පුතා වෙයං උඹ
මතු ආත්මයේදිවත් කියලාදෙන්න
ජීවිතය හොඳින් මම......................