Saturday 9 November 2013

නොනිමි [හය]




අප දෙදෙනා සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ නටඹුන් නගරයෙන් මදක් ඈතට වෙන්න පිහිටා තිබුණු පන්සලක් යාබද ගල්කුලක් වෙතයි...... එහෙ මට යම් පුරුදු බවක නොදැනුනාම නොවෙයි ඒත් මම ඒ ගැන වැඩිය හිත හොදවන්න ගියේ නෑ.
ගල්කුලේ යම් ස්තානයක නැවතුනු ධීර....එහි යම් කිසි රටාවකට අත ගෙනයනවාත් සමගම කිසිඳු හඬක් නොනගාම අප ඉදිරියේ දොරටුවක් විවර උනා.

"වීර... ඔබට යම් මතකයක් හෝ ඇත්නම් මේ තමයි මාගේ වාස භවන"


"නැහැ ධීර මට එහෙම මතකයක් නෑ මෙතන මොකක් හරි පුරුදු බවක් දැනනව එච්චරයි"


"හොඳමයි වීර.... කෙසේ උවත් මේ තමයි මා විසූ ස්ථානය..අප හෙට උදයේම යමු අපගේ ගල්මඩුව බලන්න..එහිදී ඔබ දකීවි අප කල වික්‍රමයන්"

ධීර නැගිට ගොස් පහනක් දල්වා නැවත් වරක් රටාවකට අත ගල් බිත්තිය මත ගෙනයත්ම භාහිර ලෝකයත් එක්ක තිබුනු සම්භන්ධතාව නැති කරමින් ගල් දොර හඬ නොනගාම වැසී ගියා.....


"වීර ඔබට අද කොහොමත් මෙහි ලැගුම් ගන්නට බෑ එසේ උවහොත් ඔබ නැවතී ඉන්නා නිවස්නයේ පුද්ගලයන් බියවේවි...... ඔබ මදක් මෙහි සිට අතීතයට අතපොවන්නට හැකිද කියා බලන්න මම ඔබව ඔබ නැවතී ඉන්නා නිවස්නයට ගෙනයන්නම්"


හ්ම්ම්......මහලොකු ගලක්, රටාවකට අත දුවවා දොරක් හැරගන්නා පුද්ගලයෙක්, ඇරුණු දොරකින් ගල් කුලයට ඇතුලු උන විට පොඩි නිවසකට සම ස්ථානයක්...... මායාකාරී චිත්‍රපටයන්ගෙන් දකින දේ මට මගේ ඇස් දෙකටම පේනව....... මට මාවම විස්වාස කරගැනීමට අපහසුයි මා හීනයක් දකිනවාද මේ සැබෑවද?

මා හුන් තැනින් නැගිට පොඩ්ඩක් ඔබ මොබ ඇවිද්ද.....එහි වූ එක්තරා කැටයම් කල පුටුවක් දුටුමා එතැනට ගියේ ඒ ගැන බලන්නයි... හිතාගන්නට බැරි තරම් සූක්ශම කැටයම්..............එහි මා වාඩිගත්තේ කිසිත් නොසිතාමයි

"වීර...අගෙයි......ඔබ, ඔබ වෙනුවෙන්ම මාගේ නිවස්නයේ සෑදූ අසුනෙහි අසුන් ගෙන...... ඔබට මතකද වීර මා පැරදුනා ඔබට ඔය අසුන සෑදීමේදී"

"අනේ නෑ ධීර මම මේක දැක්ක නිසා වාඩි උනේ වැරදීමක් උනා නම් සමාවෙන්න"

"වීර, තමාට අයත් අසුනෙහෙ තමුන් හිඳගත් කල එහි ඇති වරද කුමක්ද....ඔය ආසනය ඔබ හැරෙන්න කිසිම කෙනෙක් අසුන් ගෙන නැහැ... ඔබට පෙනෙනවාද අර පැත්තකින් තිබෙන පාශාන කොටස්.... ඒ මාගේ හපන් කම්"

"ඉතින් ධීර එතන තියෙන්නෙ ගල් කෑලි ටිකක් විතරයිනෙ"

"අන්න ඒක තමයි වීර මා පැවසූවේ මා ඔබට පරාද උනා කියල; ඔබගේ හැකියාවෙන් මේ තරම් අපූරූ නිර්මානයක් කලාට මට එය කරගැනීමට නොහැකියි....ඔබගේ සියුම් බව ජීවය මා ලඟ නෑ වීර"

"ඉතින් මට විස්තරේ කියන්න"

"ඔව් වීර..... ඔබ මේ අනුරපුරේ දස්කම් පෙන්වා තියෙනව ඉහලින්ම, අප හෙට දිනයේ පළමුව අපගේ ගල්මඩුව බලන්න යමු එතැන තමයි කතිකාව පටන් ගැන්මට සුදුසුම තැන ප්‍රවිශ්ඨය මා අරගෙන හමාරයි..... නමුත් ඔබතුමාට සන්කේත අමතක වීම තමයි ප්‍රධානම ගැටලුව වෙන්නෙ අප බලමු"

"ඉතින් ධීර මට මේ මොනාවත් මතක නෑනෙ.... හුරු පුරුදු බවක් තියෙනව ඒ මම අනුරාධපුරේ යන එන නිසා වෙන්න ඇති"

"නැහැ වීර.... අප හෙට මලවතු ඔය අසබඩ ඔබ විසින්ම සෑදූ කිසිදා කිසිවෙකුත් නොදන්නා උමන් මාර්ඟය තුලින් අපගේ දෙවන ගල් මඩුවටත් ගොඩවිය යුතුමයි.....එහි තනිව මාහටත් යෑමට නොහැකියි මක්නිසාද යත් එහි අගුල හැරීමට අප දෙදෙනාම අවශ්‍ය නිසා"

මොනවා කියනවද කියල මට තේරෙන්නෙ නෑ.....අගුල් අරින්න මම කොහොමද අගුල් අරින්නෙ මට මුකුත්ම හිතාගන්න බෑ.. හිටපු එකේ හෙටත් බලමුකො මොකද වෙන්නෙ කියල..

"එසේනම් වීර දැන් අප සමුගත යුතුයි...ඔබ හෙට උදයේ මා හමු වන්න එවිට බොහෝ අවුල් වියැවුල් දුරුවීයාවි, ඔබට සුභ රාත්‍රියක්"

එසේ කියූ ධීර සන්සුන්ව හාන්සි උනා...මම යන්නෙ කොහොමද මහ ගලක් අස්සෙ හිරවෙලා. ඔහු නිදනව මම වටපිට බැලුව ඔහු අත් ගෙනගිය රටාව මම බලාගත්තෙත් නෑ.......

එක්වරම....පලාතම සුවඳ කරගෙන පහන් දැල්වුනා.....ඒත් එක්කම ධීර තවත් කෙනෙක් එක්ක කතාකරමින් දොර අසලට ආව....... මම බලාගෙන ඉන්නව කතා කරගන්නත් බැරුව එහෙම අපු අමුත්තා ගල් බිත්තිය මත රටාව මවන්න ගත්ත ඒ දිහා මා බලාගෙන හිටිය ඒත් එක්කම හඬ නොනගාම දොර ඇරුන මම ඉක්මනින් දොරෙන් එලියට යන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් බැරි උනා අමුත්ත පිටවෙලා යනවත් එක්කම දොර ආයෙත් වැහුන මම කෑගහන්න හැදුවත් ශබ්ධයක්නම් පිටවුනේ නෑ..... ඒත් එක්කම පහන් එලි නිවිල ගියා.....
මම හෙමින් සැරේ ගල් බිත්තිය ලඟට ගියා අර අමුත්තාගේ රටාවට අනුව ගල් බිත්තිය තෙරපුව ඒත් එක්කම ශබ්ධයක් නොනගාම ගල් දොර ඇරුන......

"ප්‍රීතී වීර ප්‍රීතී... ඔබට අගුලු මතක වේවි මෙහෙ අගුල හැර ගත්තානම් අනෙක්වත් ඔබගේ හිසේ කොහි හරි රැඳිලා තියේවි....සුවසේ යන්න සුවසේ නිදන්න හෙට උදෑසන අප වෙනදා සුපුරුදු තැනදී හමුවෙමු...ජයශ්‍රී"

සිද්ද වුනුදේ හිතාගන්නත් බැරුව මම බයිසිකලේට නැගගත්ත.... සෙමෙන් සෙමෙන් හෝටලයට පැමිනි මා බයිසිකලය ගසකට හේත්තු කරල සඳ එලිය යට වාඩි උනා...... මොහොතක් ඇස් පියාගෙන සිද්ද වුනු දේ මෙනෙහි කලා......

Wednesday 6 November 2013

අපිට නොපෙනෙන නොහිතෙන අපේ මනෝභාවයන්............................

නිකන් ඉන්න ගමන් හිතුන දෙයක් මේක ඒක ගැන හිතනකොට ගොඩාක් දේවල් මතක් උනා............... ඉතින් ඒක ඔන්න ඔහේ කොටන්න කියල හිතුන....

මනුස්සයෙක්ගෙ හිත් ගත්තහම හරි පුදුමයි ඒව එකිනෙකට වෙනස් එක එකාට හිතෙන්නෙ වෙනස්ම වෙනස් විදි වලට.... පුදුමයි නේද.... ඒ අස්සෙ මහ ඔලමොට්ටල සිතුවිලිත් නැතුවම නෙමෙයි... සමහර ඉස්සර කරපු දේවල් ගැන හිතනකොටත් එහෙම හිතිල ඇති මට නම් හිතිල තියෙනව.

මිනිස්සුන්ගෙ මනෝභාවයන් ගැන හිතුවාම තවත් සන්කීර්ණයි (ඕව හිතන්න බෑ බොල)
කෝම හරි මම මේ කියන්න යන්නෙ ඇත්තටම අත් දැක්ක සිදුවීම් කීපයක්....

ඔන්න එක දවසක් ඒ කියන්නෙ බොලාට මතකද අර සුනාමියක් කියල එකක් ආව......... මෙච්චරක් විතර මුහුදු රැල්ල ඇවිල්ල අපේ භාගයක් විතර චකබ්ලාස් උනේ..... 

 

අන්න ඒක වෙලා ටික කාලෙකට පස්සෙ මේක උනේ...................
දවසක් අපි හවසක පොඩි ස්ටෙලා පාරක් දාගෙන ඉන්නව කොල්ලුපිටියෙ තැනක මෙන්න බොලේ කෝල් එකක් එනව සුනාමියක් එනව කියල (ඒ දවස්වල නමටත් මිනිස්සු බයයි)...........මගේ උන්නු යාලුවෙක්ගෙ අක්කල ඉන්නව පානදුරේ මේක ඇහුන විතරයි මොන ස්ටෙලාද  යාළුව කිව්ව මචෝ මම යනව අක්කලව අපේ ගෙදර එක්කන් එන්න .........මමත් ඉතින් කිව්ව යමන් මචෝ මමත් එන්නම් කියල 
බිලත් ගෙවල අපි දෙන්න උගේ වෑන් එකට නැගල යනව දැන් 60ට හැටේ

ඒකත් එක්තරා මනෝභාවයක් තමයි ඉතින් 
  

 කෝම හරි වැල්ලවත්ත පහු උනා මුකුත් අවුලක් නෑ............... රත්මලාන ,ගල්කිස්ස මුකුත්ම නෑ කිසිම හැල හොල්මනක් නෑ.......... කෝමහරි අපි මොරටුව ටවුන් එක පාස් කරල අළුත් පාරට එනකොට (කලින් වතාවෙ ඒ හරියෙ සිද්ද වෙච්චි කතාවකුත් තියෙනව ඒක මේක අන්තිමට කියන්නම්) පේනව මිනිස්සු එකා දෙකා කලබල වෙලා දුවනව (බඩුම තමයි) ඒ අස්සෙ තව සමහරු පුම්බපු ටයර් ටියුබ් ඉනවටේ දාගෙන මුහුද දිහා බලාගෙන ඉන්නව

හරි සන්තෝසයි........ 

අපි කෝකටත් කියල එක පොරක් ගාව වෑන් එක නවත්තල ඇහුව මොකෝ අයිය මේ කියල පොර කියපි නෑ මල්ලිල සුනාමියක් එනවලු මේ අපි ඒක එනකන් ඉන්නෙ පොඩ්ඩක් බලාගන්න කියල
මම ඇහුව ඉතින් අයිය සුනාමියක් ආවොත් ගහගෙන යනව නේද? ගියපාර මතකයි නේද? කියල

පොර කියනව ඒක තමයි මල්ලි ගිය පාර බලාගන්න බැරි උනා මේ පාර කෝකටත් කියල ටියුබ් එක දාගෙන ඉන්නව එතකොට ගහගෙන යන්නෙ නෑනෙ පාවෙනව සුනාමියත් බලාගන්න පුලුවන්නෙ කියල...

ඔන්න මිනිස්සුන්ගෙ මනෝභාවය සමහරු හිතන්නෙ මහ පොඩියට ඒත් ඒකෙන් වෙන අනික් දේ ගැන හිතන්නෙ නෑ නැත්නම් හිතන්න ඕනි නෑ .....................මම දන්නෙ නෑ මොකද්ද කියල..

කොහොමෙන් කොහොම හරි සුනාමියනම් ආවෙ නෑ.......

තව එකක්..... ඒක උනේ අපේ පියානන් වහන්සේගෙ ඔපීසියෙ... ඒකෙ හිටිය හෙන දක්ස මැසින් හදන පොරක්..........පොරක් කිව්වට වයසයි.......හැබැයි දස්සය මැසින් කියන්නෙ අටම්ගෙ වගේ මහන මැසින් මෙවී මහ තඩි ප්‍රින්ටින් මැශින්
 


දවසක් මිනිහට කියල බෙයාරින් එකක් මාරු කරන්න කියල පොර ගිහිල්ල ගෝලය එක්ක වැඩේට..... බැලින්නම් එක ඇණයක් මාර තදයිලු  ගලවන්න ට්‍රයි කලාලු ඒත් බැරිවෙලා
පොර ගෝලයට කිව්වලු උඹ ඔය ස්පැනර් එක අල්ලපන් මම මැශීන් එක ඔන් කරන්නම් එතකොට නිකන්ම ඕක ගැලවෙයි කියල......... ගෝලය කියල අනෙ අම්මෙ බාසුනැහේ ඒක කරන්න බෑ මොකද මේක කැරකෙන වේගෙට කොහොමද ස්පැනර් එක අල්ලන්නෙ කියල

පොර ගෝලයට මෑණියන්වහසේවත් මතක් කොරල එහෙම කිව්වලු මෙහෙ දියන් ඔය ස්පැනර් එක මම අල්ල ගන්නම් උඹ මැශිම දාපන් කියල
ගෝලය බෑ කිව්වහම උගෙ සනුහරේම මතක් කොරල දාපිය කිව්වලු
ගෝලය කියල මම දන්නෙ නෑ බාසුන්නැහේ ඔයා කියන නිසා දන්නම් කියල
කියල පොර ස්පැනර් එක අල්ලන් ඉන්දැද්දි ගෝලය මැශිම දාල කියන්නත් මොකද්ද වගේ මැශිම කැරකිච්ච් පාර පොර ගෙම්බ පොලෝ ගැහුව වගේ ඔන්දස්පොට වීසා එක ලියාගෙන ඌ යන ලෝකෙට

 

එතනදි බලාපල්ල අර ගෝලය කියලත් මේ මහ බාසට තේරුනේ නෑ ඌ හිතුවෙ නෑ මොන තරම් දක්සය උනත් මිනිස්සුන්ගෙ මනස හරි පුදුමයි නේද.............
ඔහොම තමයි අපි කාට උනත් දෙයක් තේරුම් කරල දෙන්න හදනකොට තමුන්ගෙ මතේම ඉන්න කෙනා ඒ දේ තේරුම් ගන්නෙ නෑ අපි කියන එකට දාහක් දේවල් කියාවි............... හැබයි දවසක හැරිල බැලුවොත් හිතේවි ඇත්ත තමයි අරයකා කිව්වෙ කියල එතකොට පරක්කු වෙලා තියෙන්නත් පුලුවන් කවදාවත්ම හදාගන්න බැරි විදිහට වැරදිලා තියෙන්නත් පුලුවන්...........
ඒත් ඒක තමයි මනුස්ස ස්වභාවය.........
කොහොමත් මනුස්සයෙක් උනාම අනිකගෙ මතේටත් පොඩ්ඩක් ගරු කරන්න අනික කියන එක පොඩ්ඩක් හිතන්න ගන්න හොඳ දෙයක් තියෙනවනම් ඒක ගන්න පුරුදුවෙනවනම් කොච්චර හොඳද නේද.......

 

අර කලින් වතාවෙ සිද්ද උනා කිව්ව කතාව:

ඔන්න පලවෙනි පාරට සුනාමිය ආවනෙ ඔය අළුත්පාරෙ ගෙවල් දොරවල් ඔක්කොම ගහගෙන ගියා ඉතිරු උනේ කෑලි විතරයි ඒත් වැඩේ කියන්නෙ එකම එක බිල්ඩිමක් ඉතුරු උනා...........මොකද්ද දන්නවද ඒ තමයි කොරල වැල්ලෙ බාර් එක ඒ පැත්තෙ මිනිස්සු කිව්වෙ සුනාමිය අපිට ඔක්කොම නැති කරල ඒකෙ දුක යන්න දුක නැතිකරගන්න බාර් එක ඉතුරු කරල ගියා කියලයි..............

Sunday 3 November 2013

නොනිමි [පහ]



 ඈත වෙල් යාය දිහා බලාගෙන හිටපු මගේ දැහැන බිඳුන සිරිල් එන සද්දෙට.....

"මහත්තයො, වාහනෙත් නැති එකේ මහත්තයට ඇවිදින්න මගේ ඉන්ටකූලරේ ලේස්ති කරල දෙන්නද?"


කට කොනක හිනාවක් තියාගෙන සිරිල් ඇහුව


"ආ ඔව් සිරිල් ඒක හොඳයි මට ඒක ලෑස්ති කරන්න ෆුල් ටෑන්ක් ගහලම තියන්න"


"ඒව හරි මහත්තයො ඒක හැමදාම ෆුල් ටෑන්ක් තමයි"

දහවල් ආහාරය නිමාකල මා,
"සිරිල්, මේසෙ ගෙනිච්චට මේ පුටුව තියන්න මම පොඩ්ඩක් වෙල පැත්තට ගිහිල්ල එන්නම්"


"හා මහත්තයො ගිහිල්ල එන්න"


"සිරිල් මම ඔයාගෙ ඉන්ටකූලරේ ගත්තහම ඔයා කොහොමද ගෙදර යන්නෙ දුර යන්නත ඕනි නේද"


"ඕක මොකද්ද මහත්තයො මම ඔය ලෑන්මාස්ටරේක හරි යන්නම්කො"


මම සෙමෙන් වෙල පැත්තට පිය නැගුව....
හ්ම්ම්ම්......ධීර...........ධීර..... කව්ද මේ...මොනාද කියන්න හදන්නෙ..... වීර............... කිසිම දෙයක් පැහැදිලි නෑ............
ඈතින් ඉපනැල්ල හරහා ඇදී එන සුළඟ මගේ සිතුවිලි ගෙනියන්න වගේ සැරට ආවත් ඒක කරන්න බෑ.........එකම තැන මම නතර වෙලා 


ධීර------>වීර

නැවත සුපුරුදු තැනට ආපු මම ගහේ හෙවනැල්ලට වහන් වෙලා නිමක් නොපෙනෙන, ඒත් කොල අස්සෙන් ලස්සන රටාවක් එක්ක පේන අහස දිහා බලාගෙන උන්න
ඒ උනාට මගේ හිත අස්සෙ හිතුවිලි පොරයක්,
කව්ද මේ මා එක්ක විස්තර කියන කෙනා, කිසිම ඇඳුනුම් කමක් නැතුව මට නවතින්න හිතුනෙ ඇයි මේක ඇත්තක්ද නැත්නම් මාව රවට්ටනවද..........අනේ මන්ද.........

හවස 5ට විතර ලෑස්ති උනු මා සිරිල්ගෙ ඉන්ටකූලරේත් කකුල් දෙක අස්සෙ ගහගෙන රුවන් වැලි සෑය ලඟට ගියේ වැරදිලාවත් ධීර හිටියොත් සමාව ගන්නව කියල හිතාගෙන.............. රුවන් වැලි සෑය දොරටුව අසලදීම මම දැක්කෙ දුටුගැමුනු රජ ප්‍රතිමාව ගාව බවුන් වඩන ධීර.............


මම පැත්තකින් වාඩි උනේ ඔහුට කරදරයක් කරන්න ඕනි නැති නිසයි....... ආයෙත් හොඳින් ධීර දෙස මම බැලුවෙ ඇත්තටම කොහේද මේ පුරුදු මූණ දැක්කෙ කියල හිතමින්මයි.................... ඒ අතර තුර ඔහු සෙමින් ඇස් විවර කලා


"වීර මම දැන ගෙන හිටිය ඔබ ඒවි කියල ඒකයි මම ඔබව බලපොරොත්තුවෙන් හිටියෙ"


"කරුණාකරල මට අද විස්තරේ කියනවද හරියටම මට දැන ගන්න මේක"


"යමු වීර, ඔබට මේ විස්තරේ කියන්න ඕනි..........මම ඔබව සොයාගෙන කොච්චර කාලයක් ඉන්න ඇතිද අපිට නිම කලයුතු වැඩ කොටසක් තියෙනව"


"මොන වැඩද, අනික මම ඔබ එක්ක කරපු වැඩ මොනාද?"


"කලබල වෙන්න එපා වීර.....ඔබට මම කියන්නම් විස්තරේ"

එලෙසින් කියූ ඔහු ගල් වැටියක් මත් හිඳගත්ත....
පොහොය පහුවෙලා තාම කාලයක් නැති නිසා පින්බර හඳ රුවන්වැලි සෑයට උඩින් පායල පැත්තම ඒකාලෝක වෙලා............


මම මේ නන්නාදුනන අමුත්තෙක්ගෙන් කතාවක් අහන්න බලාගෙන ඉන්නව ඔහුගෙ සන්සුන් කම මාව නොසන්සුන් කරනව ඒත් ඒකෙ වගක්වත් ඔහුට නෑ

"වීර...... මම එසේ ඔබව ආමන්ත්‍රනය කරන එක නිවරදි නැහැ...ඒ ඇයි කියල ඔබට පසුවට වැටහේවි ඒත් මා හට පුරුදු ඒ නාමය නිසා මා ඒක පාවිච්චි කරනව කමක් නෑ නේද?"

"කමක් නෑ මට ඕනි මේ විස්තරේ දැන ගන්න"

"අපි මෙහෙම පටන් ගනිමු........වීර කියන නාමය මේ අනුරපුරේ ප්‍රසිද්ධ උනේ ප්‍රථමයෙන්ම ගල් වඩුවෙක් විදිහට..රජුගේ ප්‍රධාන ගල් වඩුව විදිහට...... ඕනෑම පර්වතයක් මට්ටු කරල ජීවමාන රූප, ලියවැල්, කැටයම් මවන්න ඔබතරම් හපනෙක් හිටියෙ නෑ මේ මුලු අනුරපුරේම........... රජුගේත් සෑම වැඩකටම සෑම සැරසිල්ලකටම මුල් උනේ ඔබ....

"ගල් වඩුවෙක් වෙන්න බෑ ධීර මම එහෙම එකක් ඇහුවෙත් අද....අනික මම කොහොමද ඕව විස්වාස කරන්නෙ මට එහෙම ඒව මතකයක් වත් නෑ......

"වීර මම දන්නව ඔබ මේව විස්වාස කරන එකක් නෑ..... තව විස්තර කියනකොට ඔබ සිතාවි මට මානසික රෝගයක් කියල ඒත් වීර මම පවසන්නේ සත්‍ය.... ඔබට මේ ගැන අහන්න ප්‍රශ්න තියේවි මම දන්න හැම ප්‍රශ්නෙකටම පිලිතුරු සපයන්නම්"

මොකද්ද මේ ඒ පාර වෙන්න යන්නෙ මට තේරෙන්නෙ නෑ මොනාව කියන්නද මම මොකද්ද කරන්න ඕනි කියලවත්,

"වීර ඔබට මතකද සක්වල චක්‍රය..... රත්නමාලී සෑය වටේ පිහිටවූ ඇත් රූප පෙල.... ඔබට දැනගන්න විස්තර බොහෝමයයි......අපි දෙදෙනා තමයි එකට වැඩකලේ... ලියකම් කැටයම් මහා ගල්කනු මේව නිපදවූයේ අප දෙදෙනා ඔබ තරම් මා දක්ශයෙක් නොවුනත් ඔබ සටහන් කරණ කටු සටහනේ පරිදි කැටයම මතු කලේ මමයි... ඔබ තමයි ඒ කැටයම් වලට ජීවය පොවල අවසන් කරන්නෙ ඒ කැටයම් වලට ලියවැල් වලට සම කල හැක්කේ ජීවමාන ලියවැල් පමණයි වීර"

"ඒත් මට මේව තේරෙන්නෙ නෑ ධීර ඔබ කියන්නෙ මොනාද කියල මට තේරෙන්නෙ නෑ........"

"ඔබ ඔය විදිහට ධීර කියනව අහන්න මම කොපමන කල් බලා සිටියාද...වීර අපි යමු මම ඔබට පෙන්වන්නම් අපේ ස්ථානය නමුත් එහි එක් කොටසක් විවෘත කල හැක්කේ ඔබට පමණමයි එහි අගුලු දන්නෙ ඔබ පමණයි එහි තමයි සියලුම වැඩ අවසන් කරණ ඔබගේ ජීවය අජීවී ගල් කුලුවටල පනපොවන ස්ථානය"

එසේ කියමින් ඔහු සන්සුන්ව හුන් තැනින් නැගී සිටිය....මමත් ඔහුව අනු ගමනය කලේ වෙන කරන්න දෙයක් නැති කමටමයි.....
සන්සුන් ලීලාවෙන් ඉදිරියට ඇදෙන ඔහුත් එක්ක සිරිල්ගේ බයිසිකලය තල්ලු කරගෙන මමත් ඇවිදින්න පටන් ගත්ත

"ධීර....එතැනට ගොඩාක් දුර යන්න ඕනි නම් අපිට බයිසිකලයේ යන්න පුලුවන්"
"නැහැ වීර එතරම් දුරක් නෑ බොහෝම ලඟ අපි පාගමනෙන්ම යමු"

නැවතත් රුවන් වැලි සෑය දෙස හැරී බැලූ මා ඔහුත් එක්ක ගමන් කරන්න උනා...

Wednesday 25 September 2013

චිතකය



සුසුමක උණුහුම දැනෙන
කඳුලක සීතල විඳින
ලස්සන හීන පුරවාගත්තු
කාලයක් තිබුනා මා ලඟත්.............
 
පිනිබිඳුවක් සෙමෙන් අතට ගෙන
ඒ සිහිලස විදින්නට මිස
කඩා කුඩුපට්ටම් කරන්නට
සිතුවේ නෑ කිසිදිනක............
 
අතපොවන මානයක 
ඇස ගැටෙනඉසව්වක
හිත කෑ ගහන යාමයක
නුඹමයි හිටියේ තනියට............
 
හිත මුර ගෑවත් නුබේ නමට
හදවත සැලුනත් නුඹෙ නමට
කීරි ගැහෙන සිතුවිලි මැද
මුල මැද අග නුඹ නිසාම
හිතමුල්ලක තැන්පත් කර 
සැදූ අපේ පෙම් චිතකය
ගිනිගන්නවා නොදැනීම
දුමක්වත් පිට නොකර...........
 
නිවාලන්නට ඒ ගින්න
කොයින්ද මට සිහිල් දිය
මල්පැන් පොදක් ගෙන
ඉන්නෙමි ඔහෙ හුදකලාවම....
 

Sunday 22 September 2013

ඩ්‍රින්ක් එක

ඩෙනිමත් ඇඳගෙන
ජෙල් ගා හිස පීරගෙන
ටී ෂර්ටය යට කරගෙන
නියම හැන්ඩියෙක් විලසට

ඩෙක් ෂූස් දාගෙන
යාලුවන් සැට් එකත් එක්කම
ගොඩ වැදුනා බාර් එකකට
නියම මහතෙක් විදිහට

වීදුරුව පුරවලා
චියර්ස් යැයි කියලා
පලමු සොට් එක ගැහුවා
දත් කූරෙන් බයිට අමුනලා



සොට් දෙක තුන උනා
හතර පහකුත් වැදුනා
වීදුරුව පෙරලුනා
සිoහලත් අමතක උනා

සුද්දගෙ ඉන්ගිරීසිය
කියනව උටත් වඩා නියමෙට
බයිට් එක හැම අතමය
අත පිහදීම ඩෙනිමෙන් මය

යට කල ටී ෂර්ටය
නිකන්ම දැන් උඩය
ජෙල් ගාපු කොන්ඩය
අස්සේ ඇත්තේ ළූනු කෑලිය

වේටර් මල්ලියා
සර් කියලා කිව්වා
ඒත් දැන් මේ යකා
බනිනවා හඬ නගා





පරණ රස මිහිරී
කියනවා පැටලී
ඒ අතර දුක් ගී
ඇසෙනවා කෙඳිරී

බිලකුත් ගෙනාවා
සල්ලි එක් කෙරුවා
වේටර් මල්ලියා
ටිප් එකට ඉව කෙරුවා

මහ රෑ ජාමය
යන්න වාහන නැතිමය
යාලුවෙක් එක් වරම
දැම්ම කබරයා තාම මතකය



 කෑ චිකන් කෑලි
එක්ක බී ඒ සැර ජාතී
ආව සුවදට පැටලී
තවත් එකෙකුත් කබර දාපී





පැමිණ ගෙදරට
සිග් සැග් මැහුම විලසට
රිoගා කාමරයට
නිදා ගත්තේ කොහෙද ඇත්තට



උදෑසන බැනුම්ය
කෑම කන්නට නොහැකිය
නැගිට ගන්නට නොහැකිය
ඔලුව මාගේ නොමැති ගානය
  
පහුවෙනිද නැගිටලා
බැලු විටදි විමසලා
මුලු ඇඟම් නෑවිලා
තිබුන කබරයො දාපු ඒවා

ඔලුවම විකාරය
නැගිට ගන්නට නොහැකිය
මොකට බිව්වා කියා මා හට
හිතා ගන්නට තාම නොහැකිය

 ආයෙනම් බොන්නෑ
නිකන් දුන්නත් ඕනි නෑ
මෙහෙම දුක් වෙන්න බෑ
ආයෙනම් මම බොන්නෙ නෑ

හිතලා එහෙම මම
හැරුනා ඇදේ පැත්තට
මැසේජයක් ආවා මට
සැට් වෙමුද හවස ජාමෙට