Thursday 22 January 2015

බාබෙද්දා.............................





පෙන බිඳු නැගෙනා වීදුරුව
මා ඉස්සරහා හිනා වෙනකොට
කවුලුවෙන් එහා
මහ මූසල රාත්‍රිය
බලා ඉන්නවා ගිල ගන්න මාව......
යන්නට හිතුනත් නැගිට
මාගේ නිවහන වෙත
හිතුවත් මට බෑ දෙපා වාරු නැත
මටම අකීකරු මගේ දෙපා යුග
ඔහේ වදිනවා මේස කකුල් වල
එල්ලී බිත්තියේ වාහනය ලඟ
ඒත් හොයනවා කෝ මගෙ වාහනය
වොචර් කාරයා ඇරලා දොර
මාව ඉන්දනවා සීට් එක උඩ
මාතලී නැගෙනවා මගේ හිස උඩ
සක්‍රයා නෑ පේන්නට මට.......
සුදු ඉරි මාමලා දෙඇස් උරුක් කොට
කඩන්නට හදන්නේ මගෙනුත් ගාන
ඒවා කොහේදැයි මාත් එක්ක අද
යනවා හොයාගෙන කෑලේ පාරෙන් මම
අල්ලියි මාමලා නැට්ටෙන් අද
කම්බි කොට කැඩුනත් වටේ වැටවල් වල  
මම හෙන පරිස්සමට මගේ ගෙදර ඇත
පසුදා ඒ පාරෙම හෙමින් ගොස් මම
හෙමිහිට බලනවා වෙලා ඇති දෙය
සිදුවී ඇති හත්තිල්ලව්වට
මම මක් කොරන්නදැයි 
අයේ  හිතන්නට ඕනේ නිසාම
නැවත ඇදෙනවා බාර් එකට මම.................

Wednesday 21 January 2015

ස්වභාවධර්මය සහ මම..........................

වැඩ ගොඩක් අස්සේ උනත් මොනවා හරි කුරුටු ගෑමේ අමාරුවක් ඉස්සර සිටම මට තිබුනේය දැං ඒක මේවගේ කොම්පීතරයක් ඉස්සරහ වාඩිවී අකුරු කෙටීම දක්වා ඉහල ගොස් ඇත.... ඒම කලේ නැත්නං ඇඟිලි රිදෙනවා වාගේය........... හරි 

෴෴෴෴ ස්වභාවධර්මය සහ මම ෴෴෴෴

උදේම නැගිට්ටේ වෙනදා වගේ ඉලෙක්ට්‍රොනික් කුකුලාගේ හැඬලීමත් එක්කය.... උගේ බෙල්ල මිරිකා ආයේ අනික් පැත්තට හැරුණත් මේකා ආයේ හැඬලුවේය................ කියන්නට තියෙන්නේ අපේ පැත්තේ එක කුකුලෙක්වත් දැං නැත... ඒත් අල්ලපු ගෙදර අයියාට ගමේ උන් කුකුලා කියන්නේය.... මට නං උගේ කරමලක් පිහාට්ටක් තියා පොරකටුවක් වත් පෙනෙන්නට නැත.... අඩු ගානේ ෆාම් එකක්වත් අහලක පහලක නැත....... මේ ඉලෙක්ට්‍රොනික් කුකුලා නොකියා ෆෝන් එක අස්සේ ඉන්නා එකාය.... ඌ කොහේ ඉන්නවාද මම දන්නේ නැත ඒත් ඌ හඬලන්නේය....... ෆෝන් එක කෑලි ගලවා සෙව්වත් ඌව හමු උනේ නැත.........
ඇදේ සිටම ස්වභාවධර්මය හා එක් වන්නේ එහෙමය.....  කිසිම ලෝභ කමක් නැතුව පරිසරයෙන් ලැබෙන, ඒත් අපගේ ඔලමොට්ටල, පඩත්තල කම නිසා සත 5කට නොසලකා හැරියත් විනාඩි කීපයක් නැතුව ඉන්නට බැරි ඔක්සිජන් වාතයෙන් පෙනහලු පුරවාගන්නේ ඒ වෙලාවේ හිතා මතාය..... ඉඳ හිට කුණුගඳක් දැනෙනවාය ඒක වෙනම කතාවකි......

දනි පනි ගා සරීරකෘතයන් ඉවර කරගෙන ඇඳුම් ඇදීමට පටන් ගන්නකොටම වවුලෙක් සොයා ගැනීමට අල්මාරිය අස්සට එබෙන්නට ඕනෑය..... ස්වභාවධර්මය මතක් වෙන්නේය......



වැඩට යාමට එලියට බසිනකොට,

"ඔය මොකෝ ඔය ඔලුව නිකං ඉත්තෑවෙක් වගේ"


ස්වභාවධර්මය ඕං එතනටත් ගෑවී ඇත........

වාහනය නැගගෙන සුක්කානම් වන්දනාව කර රිය පණගැන්වූ විගස දැක්කේ වින්ස්ක්‍රීනය මත සහවාසයේ යෙදී ඉන්නා මැස්සන් යුවලකි......... හයියෝ එක්කෝ උන් පැනි හදේ ඉන්නා උන්ය ... නැත්නම් හොර කපල් එකකි....... පොටෝ ගන්නට බැරිය ඒ ප්‍රසිද්දියේ කලත් උන්ගේ පුද්ගලික වැඩකි..... ඒ පොටෝ මේකේ දමා ඒ කපල් එකේ නෑදෑයෙක් ඒක දැක්කානම් මට වෙන්නේ පොලෝසි යන්නය අම්මෝ බැරිය.... මොක උනත් උන්ට උන්ගේ මෙව්ව එක කර ගන්නට ඉඩදී සෙමෙන් වාහනය එලවීමට පටන් ගත්තෙමි........ 




මෙන්න බොලේ මෝටර් සයිකල් සූරයෙක් හෙල්මට් එකේ වයිසරය ඔසවා,

"ඉබ්බෙක් වගේ යනවනං අයිං කරන් යන්න"  කියා කෑ ගැසුවේය 

ස්වභාවධර්මය ඒකා එතනටත් ගාවා ගත්තේය........




ඈතින් එන බස් රථයේ පා පුවරුවේ එල්ලී යන සෙනග වඳුරන් වගේය ඒ මිනිසුන් මාර දුකක් විඳගෙන පා පුවරුවේ ඉල්ලී යන්නෝය....... 



ස්වභාවධර්මය............

මම ඔහොම හෙමින්හෙමින් යද්දී අනේ අර මැස්සා සහ මැස්සී ( ඒම වෙන්න ඕනි) දෙන්නා තාමත් මෙව්වා කරමින් ඉන්නෝය..... ඒ අස්සේ තුන් රෝද සූරයෙක් නයා වෙට්ටුවක් දාගෙන ගියේය........ මගේ ඇඟේ මාලු නටන්නට පටන් ගත්තේය.......... මට මල පැන්නේය.........

එතනත් ස්වභාවධර්මෙ 

මමත් වාහනේ හැටට හැටේ ගොස් තුන් රෝද සූරයාට කිට්ටු කර

"කොහෙද මී හරකො යන්නේ........ කල්පනාවෙන් යනව බූරුවෙක් නොවී" කියා හෙන ආදරයෙන් කිව්වෙමි.....

ඌ ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවා වාගේ බලා උන්නේය

ස්වභාවධර්මය............

මලලසේකරය මැස්සන් කපල් එක නැත උන් අස්ථානගතවී ඇත මොක උනාදැයි දන්නේ නැත...... ඉතිං මම මක් කොරන්නද...... තුන් රෝද සූරයා ආවේ නැත්නම් උන් සැපසේ ඉන්නට ඉඩ තිබුනේය කෝම හරි උන් හිටියේ නැත........

නමුත් ස්වභාවධර්මය අපගේ සියලු ක්‍රියාවන් හා බැඳි පවතී..... කොමපණ අප එය ඈත් කරන්නට වලි කෑවත් එය අපට කිරීකට නොහැක..... නමුත් අපි ස්වභාවධර්මයේ ගොඩාක් සම්පත් කාබාසිනියා කරමින් සිටුමු..... දවසක අපට වන්නේ ගස් වැල් සතා සිව්පාවා සියල්ලම ඡායා රූපයන්ගෙන් දකින්නට පමණක් විය හැක ඒ දවස උදා නොකරගනිමු..... අපේ ස්වභාවධර්මය අපි රැකගනිමු......




Friday 16 January 2015

මගේ හිත.............


සීත සුළඟට වේලි වේලී
සෙව්වෙමී මම නුඹෙ සුසුමන්
ඈත ඉමවෙත ගියදා පටන්
නොදැක්කෙමී නුඹෙ සොඳුරු දසුනක්

හීන ගුලිකර ඉවතලන්නට 
නොහැකි හන්දා තවත් පාරක්
ඔහේ මම අද බලා ඉන්නම් 
මහැරදා ගිය තැනේ තනියෙන්
නූඹම ඇවිදින් නුඹම යනකොට
කෙලෙස කියමිද නුඹට වරදක්
නුඹට පෙම්කල මගේ හිත දැන් 
සොයනවා නුඹ ඇද්ද කොහෙවත්
දකින නොදකින තැනක හිඳ ගෙන
ඉන්නවා නුඹ හිතේ තාමත් 
සිනහවෙනු මැන සදාකාලෙට
දුක එවනු මැන මවෙත රහසින්
සඳේ තනියට විසුල තරුකැට
දහස් ගානක් පිපී ඇතිමුත්
මගේ තනියට උන්නු සදවත

බැසගියා දැන් මගේ අහසින්
ඒත් සඳ දෙස බලා සැනහෙමි 
අයිති නැති බව දැන දැනත් මං
නුඹට අවසර එකලු කරනට
නුඹට හිමිවූ නැවුම් අහසක්......................


Friday 12 December 2014

ස්වයං විනය හා ස්වයං වින්දනය

ඔන්න කාලෙකට පස්සෙ ගොඩ උනා මොනා හරි ලියන්න කියල........ 
වෙලාවත් එක්ක තමයි මොකවත් කරගන්න අමාරු.... 
ඒත් ඒම කියල බෑල්ලුනෙ නේ ඉතිං ඒක නිසාම පොඩ්ඩක් මොනා හරි කොටල යන්න හිතුව....... 

කමක් නෑ නේ ඈ ඉඳගෙන....

හුටා......  මාතෘකා වෙච්චි දේ ඈ.....

"ස්වයං විනය හා ස්වයං වින්දනය"

අම්ම ගහයි කිව්වලු බැට් එකෙන් දෑතම බදල..... කෝකටත් කියෝල බලමු....  මේ දිග හැරෙන්නෙ මාරෙ තොටේ දැකපු අත් විඳපු දේවල් තමයි..........
 (හැ පාරෙ තොටේ ස්වයං වින්දනේ)

 
හරි,
අපි කවුරුත් කථා කොරන දෙයක් තමයි ස්වයං විනය කියන එක.... විනයක් තියෙන්න ඕනි වැඩක් කරනකොට, (මේව කියන්න ගියොත් වෙන ඒවත් කියවෙනව).

සිද්ධියෙන් සිද්ධිය පොඩ්ඩක් ගොනු කරන්න බලමු 
මුලින්ම අපි ගෙදර ගැන හිතමු.... 
හවසට ගෙදර ගියහම මොකෝ වෙන්නෙ 
ගෙදර යනව, බෑග් එක තියනව ඇඳුම් මාරු කරනව.... හැබැයි කීයෙං කීදෙනාද ඒ ඇඳපු ඇඳුම තමුන් හෝදනව නම් හෝදන්නෙ නැත්නම් හෝදන්න එකතු කරන භාජනේට දාන්නෙ.... ටික දවසක් යනකොට කාමරේ මලපෙරේත් පුසුඹයි මොකෝ මේස් තැන් තැන්වල සපත්තු ඔහේ දාල අනික් ඇඳුම් කෑලි තැන් තැන් වල.... හැබැයි ස්වයං විනයක් තිබ්බනම්, හදා ගත්තනම්, එහෙම වෙන්නෙ නෑ ලස්සනට පිරිසිදුව වැඩේ වෙනව......
තමුන් කෑම කන තැන උනත් ඒමයි අස් කරන්න තව 5ක් 6ක් ඕනි ඒත් ස්වයං විනය තිබ්බ නම් කාටවත් කරදරයක් නෑ......

කාර්යාලය ගම්මු, එක උදාහරණයක් විසික් කරන කොල කෑල්ල කුණු කූඩෙට වැටෙන්න විසික් කරනව බාස්කට් බෝල් ගහනව වගේ

  
  ඔය විසික්කරන කොල කෑල්ල කුණු කූඩෙට වැටුනොත් හරි නැත්නම් ගානක් නෑ..... ඒක අස්කරන්න එකෙක් ඕනි ස්වයං විනය තියන කෙනා ඒක හරියටම කුණු කූඩෙට දානව

ලොකුම දේ තමයි පාර

දැං අපේ උන්දැල පිට රටකට ගියාම කොහොමද පාරෙ අනික් පැත්ත බලන්නෙ නෑ පදික මාරුවක් සිංහලෙන් කිව්වොත් ක්‍රොසින් එකක් නැතුව, කොල කෑල්ලක් ටොපි කොලයක් බිම දාන්නෙ නෑ හේතුව  දඩ ගහයි ඕයි...... අන්න ඒකයි එතනදි ඒ අපේ උන් බලෙං හරි ස්වයං විනය පවත්වා ගන්නව හැබැයි මෙහේ ආවාම ආයෙම මොනාටද කථා නේ ....

මනුස්සයෙක් පාර පනින්නෙ කහ ඉර පෙනි පෙනි ඊට මෙහායින්, ස්වයං විනය නෑ 
කහ ඉරෙන් පාර මාරුවෙන මනුස්සයට ඒක කරගන්න බෑ මොකෝ වාහන නවත්තගෙන ඉන්දැද්දිත් අපේ මෝටර් සයිකල් සූරයො වෙට්ටු දාගෙන යනව පාර මාරුවෙන අයට ඇයි අපිට එක විනාඩියක් ඉන්න බැරි කෝ ස්වයං විනය.....

 
ට්‍රැෆික් ලයිට් වල ඉඳල කොලපාට ලයිට් එක පත්තු වෙන්න ඔන්න මෙන්න කහ පාට පත්තු වෙනකොටම වාහන කීයක් යන්න දඟලනවද?, නැත්නං කොල පාට ලයිට් එක පත්තු උනාම අන්තිම කෙලවරේ ඉන්න එකත් හෝන් එක ඉඩ නැගගෙන ඉන්නව..... ස්වයං විනය කෝ

ඉස්සරහින් එන වාහනේ දකුණට හරවන්න ඉන්නකොට ඒක පිටිපස්සෙ වාහන පෝලිමක් හිරවෙලා තියනකොට ඒක දැක දැක රිංගල යන්න දඟලන කී දෙනෙක් ඉන්නවද........ රියදුරන් සිංහලෙන් කිව්වොත් ඩ්‍රැයිවර්ල ගැන කියන්න නම් මට බෑ හම්මෝ කොච්චරක් ලියන්න වෙයිද එයාල ගැන 
හිතන්න ස්වයං විනය නෑ නේද කියල.......

මම යෝජනා කරනව ස්වයං විනයෙං ස්වයං වින්දනයක් ගන්න කියල 

ඔව් ඔව් මම දන්නව ස්වයං වින්දනේ කිව්වාම මතක් වෙන එක ඒක නෙවෙයි මේක....... ඒනං මොකද්ද බොල....... මේක අරක

හිතන්න තමුන් අනුන්ට කරදර නොවී කරපු වැඩකින් විනයක් තියාගෙන කරපු වැඩකින් කොච්චර සතුටු වෙනවද අන්න ස්වයං වින්දනය......
පාරෙ යනකොට මාර්ගනීති හරියට පිලිපැද්දාම තමුන්ට දැනෙන සතුට අන්න ස්වයං වින්දනේ.......
වාහන පදවාගෙන යන අය හිතන්න පාර මාරුවෙන අයට වාහනේ නැවැත්තුවාම, දකුනට හරවන්න ඉස්සරහින් තියන වාහනේට ඉඩ දුන්නාම ඒ මනුස්සයන්ගෙ මූණට එන හිනාව ආචාර කරල යන කොට අන්න ඒකෙං සතුටු වෙන්න අන්න ස්වයං වින්දනේ........
පාර මාරු වෙනකන් වාහන නවත්තගෙන ඉන්න රියදුරන්ට ආචාර කරන්න පුලුවං නං ඒකෙන් නැගෙන හිනාවෙන් සතුටු වෙන්න පුලුවං නං අන්න ස්වයං වින්දනේ.........

හැම වෙලාවකම ස්වයං විනයක් තියාගත්තනං ස්වයං වින්දනේ ඕනම වෙලාවක ගන්න පුලුවන්.........
ඒක නිසා අපි එක එකා හිතල ස්වයංවිනයෙං ස්වයං වින්දනේ කලානම් රට විනයානු කූලයි වින්දනේ උපරිමයි 
අන්න ඒකයි මම කියන්නෙ 

මොකෝ කියන්නෙ ස්වයං වින්දනේ කරමු නේද?  

    

 

Sunday 19 October 2014

සුදු පුතේ.................


පුතේ,
මා බලා උන්නෙ උඹ එනකල් ගෙදර
බෙදා තිබු බත් පිඟාන තාමත් මේසය උඩය
උගුර කට හිර උනා ආරංචිය ලැබු විගස
කොහොම ඉවසම්ද මම මට දුන්නු මේ කඳුල.....
පොලිසියේ මහතැන් ගෙදරටම ආවාම
මම් අහිතුවෙ වැරදිලා කියලා මහතැන්ට
උඹෙ අයිඩෙන්ටිය දීලා මගෙ අතට
ඇහුවා දන්නවාදැයි අනේ ඒ මහත්තැන්ම
මේ මගේ සුදු පුතා කිව්වා බයෙන් මම
මට දුන්නෙ ලියමනක් ලියපු උඹෙ අකුරෙන්ම
කියවා ගන්නෙ කොහොමනොදන්නකොට අකුරු මම
කියවා දුන්නේ පොලීසියේ මහතැන්ය...........
උඹ පනිනවාලු මහ කන්දෙන් පල්ලට
හේතුව උඹෙ ආදරය නැති වීමය
අනේ මගෙ සුදු පුතේ හිතුනේ නැද්ද මා ගැන
වසර 25ක් මම බලා උන්නෙ උඹ ගැනම.........
කඳුළු දහඩිය හෙලා උස්මහත් කර උඹව
බඩට කෑවේ නැතිය පිරෙව්වා උඹෙ කුස
රජ කම ගන්නට නොව දෙපයින් සිටින්නට
ඉගැන්නුවේ මම උඹ මිනිහෙක් කරන්නට.....
ඒත් මගෙ සුදු පුතේ නොහිතාම මා ගැනම
අවුරුදු 3ක් දැනහදුන ගත් කෙල්ල
දමා ගියා යැයි කියා දිවි නසා ගෙන උඹ
මම කොහොම ඉවසම්ද මට දුන්නු මේ දුක.........
පොඩි කාලෙ අතගාපු රෝස කම්මුල් යුවල
ලොකු වෙද්දි රැවුල් කොට එක්ක මම දකින කොට
මගෙ පුතා ලොකු වෙලා හිත යටින් වී සතුට
හීන මාලිගා මම මැව්වා මහ උසට
ඒ උනත් සුදු පුතේ ඒ උවන නැතිලු අද
උඹෙ සියුමැලි ගත විසිරිලාලු තැනින් තැන
පොඩි කාලෙ අත ගගා මම හැදුව උඹෙ ගත
දැක ගන්නවත් මෙමට නැහැල්ලූ ඉඩ හසර
කුහුඹුවෙක්වත් මරාගන්න බැරිවු උඹ
කොහොමදැයි හිත දැඩිව කරගත්තෙ මේ දෙය
අනේ මගෙ සුදු පුතේ ඇයි නොකිව්වේ මෙමට
කිව්වනං කියාදෙනව ජීවිතය මම උඹට
උඹ වගේ මහ විභාග සහතික නැතත් මට
දන්නවා ජීවිතය කියලා දෙන්න මම
අනේ මගෙ සුදු පුතේ කුමක් කරන්නද මම
දිව යන්නද කිසා ගෝතමිය වගේ මම
පහදලා දෙන්න හිත නිවන බණ පදය
නැති නිසා සමිඳු අද
මා දුකින් මිය යාවි හරිම හෙමීට
ඒත් මගෙ සුදු පුතේ මගෙ පුතා වෙයං උඹ
මතු ආත්මයේදිවත් කියලාදෙන්න
ජීවිතය හොඳින් මම......................
 
 
 

Saturday 9 November 2013

නොනිමි [හය]




අප දෙදෙනා සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ නටඹුන් නගරයෙන් මදක් ඈතට වෙන්න පිහිටා තිබුණු පන්සලක් යාබද ගල්කුලක් වෙතයි...... එහෙ මට යම් පුරුදු බවක නොදැනුනාම නොවෙයි ඒත් මම ඒ ගැන වැඩිය හිත හොදවන්න ගියේ නෑ.
ගල්කුලේ යම් ස්තානයක නැවතුනු ධීර....එහි යම් කිසි රටාවකට අත ගෙනයනවාත් සමගම කිසිඳු හඬක් නොනගාම අප ඉදිරියේ දොරටුවක් විවර උනා.

"වීර... ඔබට යම් මතකයක් හෝ ඇත්නම් මේ තමයි මාගේ වාස භවන"


"නැහැ ධීර මට එහෙම මතකයක් නෑ මෙතන මොකක් හරි පුරුදු බවක් දැනනව එච්චරයි"


"හොඳමයි වීර.... කෙසේ උවත් මේ තමයි මා විසූ ස්ථානය..අප හෙට උදයේම යමු අපගේ ගල්මඩුව බලන්න..එහිදී ඔබ දකීවි අප කල වික්‍රමයන්"

ධීර නැගිට ගොස් පහනක් දල්වා නැවත් වරක් රටාවකට අත ගල් බිත්තිය මත ගෙනයත්ම භාහිර ලෝකයත් එක්ක තිබුනු සම්භන්ධතාව නැති කරමින් ගල් දොර හඬ නොනගාම වැසී ගියා.....


"වීර ඔබට අද කොහොමත් මෙහි ලැගුම් ගන්නට බෑ එසේ උවහොත් ඔබ නැවතී ඉන්නා නිවස්නයේ පුද්ගලයන් බියවේවි...... ඔබ මදක් මෙහි සිට අතීතයට අතපොවන්නට හැකිද කියා බලන්න මම ඔබව ඔබ නැවතී ඉන්නා නිවස්නයට ගෙනයන්නම්"


හ්ම්ම්......මහලොකු ගලක්, රටාවකට අත දුවවා දොරක් හැරගන්නා පුද්ගලයෙක්, ඇරුණු දොරකින් ගල් කුලයට ඇතුලු උන විට පොඩි නිවසකට සම ස්ථානයක්...... මායාකාරී චිත්‍රපටයන්ගෙන් දකින දේ මට මගේ ඇස් දෙකටම පේනව....... මට මාවම විස්වාස කරගැනීමට අපහසුයි මා හීනයක් දකිනවාද මේ සැබෑවද?

මා හුන් තැනින් නැගිට පොඩ්ඩක් ඔබ මොබ ඇවිද්ද.....එහි වූ එක්තරා කැටයම් කල පුටුවක් දුටුමා එතැනට ගියේ ඒ ගැන බලන්නයි... හිතාගන්නට බැරි තරම් සූක්ශම කැටයම්..............එහි මා වාඩිගත්තේ කිසිත් නොසිතාමයි

"වීර...අගෙයි......ඔබ, ඔබ වෙනුවෙන්ම මාගේ නිවස්නයේ සෑදූ අසුනෙහි අසුන් ගෙන...... ඔබට මතකද වීර මා පැරදුනා ඔබට ඔය අසුන සෑදීමේදී"

"අනේ නෑ ධීර මම මේක දැක්ක නිසා වාඩි උනේ වැරදීමක් උනා නම් සමාවෙන්න"

"වීර, තමාට අයත් අසුනෙහෙ තමුන් හිඳගත් කල එහි ඇති වරද කුමක්ද....ඔය ආසනය ඔබ හැරෙන්න කිසිම කෙනෙක් අසුන් ගෙන නැහැ... ඔබට පෙනෙනවාද අර පැත්තකින් තිබෙන පාශාන කොටස්.... ඒ මාගේ හපන් කම්"

"ඉතින් ධීර එතන තියෙන්නෙ ගල් කෑලි ටිකක් විතරයිනෙ"

"අන්න ඒක තමයි වීර මා පැවසූවේ මා ඔබට පරාද උනා කියල; ඔබගේ හැකියාවෙන් මේ තරම් අපූරූ නිර්මානයක් කලාට මට එය කරගැනීමට නොහැකියි....ඔබගේ සියුම් බව ජීවය මා ලඟ නෑ වීර"

"ඉතින් මට විස්තරේ කියන්න"

"ඔව් වීර..... ඔබ මේ අනුරපුරේ දස්කම් පෙන්වා තියෙනව ඉහලින්ම, අප හෙට දිනයේ පළමුව අපගේ ගල්මඩුව බලන්න යමු එතැන තමයි කතිකාව පටන් ගැන්මට සුදුසුම තැන ප්‍රවිශ්ඨය මා අරගෙන හමාරයි..... නමුත් ඔබතුමාට සන්කේත අමතක වීම තමයි ප්‍රධානම ගැටලුව වෙන්නෙ අප බලමු"

"ඉතින් ධීර මට මේ මොනාවත් මතක නෑනෙ.... හුරු පුරුදු බවක් තියෙනව ඒ මම අනුරාධපුරේ යන එන නිසා වෙන්න ඇති"

"නැහැ වීර.... අප හෙට මලවතු ඔය අසබඩ ඔබ විසින්ම සෑදූ කිසිදා කිසිවෙකුත් නොදන්නා උමන් මාර්ඟය තුලින් අපගේ දෙවන ගල් මඩුවටත් ගොඩවිය යුතුමයි.....එහි තනිව මාහටත් යෑමට නොහැකියි මක්නිසාද යත් එහි අගුල හැරීමට අප දෙදෙනාම අවශ්‍ය නිසා"

මොනවා කියනවද කියල මට තේරෙන්නෙ නෑ.....අගුල් අරින්න මම කොහොමද අගුල් අරින්නෙ මට මුකුත්ම හිතාගන්න බෑ.. හිටපු එකේ හෙටත් බලමුකො මොකද වෙන්නෙ කියල..

"එසේනම් වීර දැන් අප සමුගත යුතුයි...ඔබ හෙට උදයේ මා හමු වන්න එවිට බොහෝ අවුල් වියැවුල් දුරුවීයාවි, ඔබට සුභ රාත්‍රියක්"

එසේ කියූ ධීර සන්සුන්ව හාන්සි උනා...මම යන්නෙ කොහොමද මහ ගලක් අස්සෙ හිරවෙලා. ඔහු නිදනව මම වටපිට බැලුව ඔහු අත් ගෙනගිය රටාව මම බලාගත්තෙත් නෑ.......

එක්වරම....පලාතම සුවඳ කරගෙන පහන් දැල්වුනා.....ඒත් එක්කම ධීර තවත් කෙනෙක් එක්ක කතාකරමින් දොර අසලට ආව....... මම බලාගෙන ඉන්නව කතා කරගන්නත් බැරුව එහෙම අපු අමුත්තා ගල් බිත්තිය මත රටාව මවන්න ගත්ත ඒ දිහා මා බලාගෙන හිටිය ඒත් එක්කම හඬ නොනගාම දොර ඇරුන මම ඉක්මනින් දොරෙන් එලියට යන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් බැරි උනා අමුත්ත පිටවෙලා යනවත් එක්කම දොර ආයෙත් වැහුන මම කෑගහන්න හැදුවත් ශබ්ධයක්නම් පිටවුනේ නෑ..... ඒත් එක්කම පහන් එලි නිවිල ගියා.....
මම හෙමින් සැරේ ගල් බිත්තිය ලඟට ගියා අර අමුත්තාගේ රටාවට අනුව ගල් බිත්තිය තෙරපුව ඒත් එක්කම ශබ්ධයක් නොනගාම ගල් දොර ඇරුන......

"ප්‍රීතී වීර ප්‍රීතී... ඔබට අගුලු මතක වේවි මෙහෙ අගුල හැර ගත්තානම් අනෙක්වත් ඔබගේ හිසේ කොහි හරි රැඳිලා තියේවි....සුවසේ යන්න සුවසේ නිදන්න හෙට උදෑසන අප වෙනදා සුපුරුදු තැනදී හමුවෙමු...ජයශ්‍රී"

සිද්ද වුනුදේ හිතාගන්නත් බැරුව මම බයිසිකලේට නැගගත්ත.... සෙමෙන් සෙමෙන් හෝටලයට පැමිනි මා බයිසිකලය ගසකට හේත්තු කරල සඳ එලිය යට වාඩි උනා...... මොහොතක් ඇස් පියාගෙන සිද්ද වුනු දේ මෙනෙහි කලා......