Thursday, 5 September 2013

සෙනෙහස

 
 
වින්ද සෙනෙහස හද පුරෝගෙන
ඉන්නෙ කෙලෙසද තනිවෙලා
නුඹත් නැතුවුනු මගේ ලෝකයෙ
ලසෝ තැවුලන් ඉහිරිලා
හඬන්නට මට නොහැක වස්තුව
නවතලන්නට බැරි නිසා
මගෙන් ඉවතට ගියා නුඹ මට
කඳුළු බින්දුවෙ බර තියා

ලන්ව ඉන්නට සිහිනෙනුත් මම
පැතූ පැතුමන් වැඩි නිසා
හදාගන්නට නොහැකි තරමට
මගේ හදවත පෑරිලා
නික්ම මාගෙන් ගියත් නුඹ අද
මගේ හදවත හැරදමා
නුඹම වෙනුවෙන් හදවතේ ඉඩ
තියෙනවා මිය යනතුරා

4 comments:

  1. හඬන්නට මට නොහැක වස්තුව
    නවතලන්නට බැරි නිසා
    මගෙන් ඉවතට ගියා නුඹ මට
    කඳුළු බින්දුවෙ බර තියා

    ane hari shoi

    ReplyDelete
  2. චින්කාවිය පැන යන තෙක් ...................................
    තෝ මොන වෙදීමක් කලාද බොල , දැන් කෙදිරි ගාන්නේ නැතිව හිටු ඉදගෙන .
    නියමයි ,
    ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. යන කෙනා යනවනෙ බන් ඉඳගෙන

      Delete