සුසුමක උණුහුම දැනෙන
කඳුලක සීතල විඳින
ලස්සන හීන පුරවාගත්තු
කාලයක් තිබුනා මා ලඟත්.............
පිනිබිඳුවක් සෙමෙන් අතට ගෙන
ඒ සිහිලස විදින්නට මිස
කඩා කුඩුපට්ටම් කරන්නට
සිතුවේ නෑ කිසිදිනක............
අතපොවන මානයක
ඇස ගැටෙනඉසව්වක
හිත කෑ ගහන යාමයක
නුඹමයි හිටියේ තනියට............
හිත මුර ගෑවත් නුබේ නමට
හදවත සැලුනත් නුඹෙ නමට
කීරි ගැහෙන සිතුවිලි මැද
මුල මැද අග නුඹ නිසාම
හිතමුල්ලක තැන්පත් කර
සැදූ අපේ පෙම් චිතකය
ගිනිගන්නවා නොදැනීම
දුමක්වත් පිට නොකර...........
නිවාලන්නට ඒ ගින්න
කොයින්ද මට සිහිල් දිය
මල්පැන් පොදක් ගෙන
ඉන්නෙමි ඔහෙ හුදකලාවම....

නියමයි සහෝ දිගටම කරගෙන යමු.. චුටියගේ සුබ පැතුම් :)
ReplyDeleteස්තූතියි යාලු
Delete"මල්පැන් පොදක් ගෙන
ReplyDeleteඉන්නෙමි ඔහෙ හුදකලාවම"
මේ වැඩේටනම් කට්ටිය ඉදියි ඕන තරම්
අම්මප ඔව් මැලේ මොකට නැති උනත් ඒකට කස්ටිය හොයාගන්න ඇහැකි ඈ
Deleteනියමයි අහිංසක පක්ශියා....
ReplyDeleteස්තූතියි බස්සි
Deleteනියමයි නියමයි කරගෙන යමු
ReplyDeleteසාජන් මහත්තයො ස්තූතියි ඈ
Deleteදුර්වල පිරිමින් මත්පැන් බී සැනසෙති ,,,,
ReplyDeleteශක්තිමත් ගැහැණුන් කදුළු බී හිනැහෙති
ඒකත් ඒමද ඈ.........
Deleteකඳුලු යනු කාන්තාවන්ගේ මාරක, අමානුෂීය, පිරිමියාගේ හදවට ඔද්දල් කරන එකම අයුධයයි
චින්කිත්තා