Monday 2 September 2013

නොනිමි [තුන]




මේ ඇත්තටම මොකද්ද වෙන්නෙ...........මට තේරුනේ මම හරියට වෙන ලෝකෙක ඉන්නවා වගේ............

මෙච්චර කල් කතා කරන්න බලා හිටපු ඒ පුරුදු ඒත් කව්ද කියල නොදන්න රුව මගේ ඉදිරියෙ...........
සුපුරුදු ශාන්ත ස්වභාවය එහෙන්මමයි........මට එක පාරටම නැගිට්ටුනා.........

" නෑ කිසිම අවහිරයක් නෑ" වචන පැටෙලෙන්න උනා
"ඔබ දන්නවද මම ඔබ ගැන හුඟාක් කල් ඉඳන් විපරමින් හිටියෙ"
"මට දැනුන ඒක.........ඔබතුමාව හුරු බවකුත් කොහේදි හරි දැකල තියෙන බවකුත් මතකයි වගේ ඒත් හරියටම නිච්චියක් නෑ"

"හ්ම්ම්ම්........ඒ ගොඩක් දුරකදි අපි හමු උන නිසා වෙන්න ඇති"
"මට තේරුනේ නෑ"
"මම මේ කල්පනා කලේ ඔබට කෙලෙසින් අමතන්නද කියල "
ඔහු අහස දෙස බල ඉන්නට උනා

මේ වෙන්නෙ මොකද්ද මට හිතාගන්න බෑ.......මමත් ඔහේ බලාන ඉන්නව මගේ පාලනය මට නැතුව වාගේ හිත එකලස් කරගන්න මම උත්සාහ කලා.............
මේ හීනයක්ද කියලත් හිතෙනව........ඒත් අනේ මන්ද

"හ්ම්ම්ම්......මපි මෙහෙම පටන් ගම්මු.......මම ධීර...........ඔබ වීර"


වීර???????? මොන වීරකමක්ද මගේ උගුර කට වේලිලා වගේ මට දැනුන..........අයාසයෙන් වටපිට බලනකොට,

"මට තේරෙනව වීර ඔබට මේක ප්‍රෙහේලිකාවක්........අපි මේ ප්‍රෙහෙලිකාව විසඳමු ටිකෙන් ටික"


"ඇත්තමයි මට මේව හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ ඔබ ඇවිල්ල කියනව මම වීරලු, ඔබ ධීරලු, මට මේක තේරුම් කරල දෙනවද කරුණාකරල"

"ඔව් වීර මම එකෙනෙක පහදල දෙන්නම්........පිලිවෙලකට"

ඔහු සෙමෙන් ඉදිරියට ඇදෙන්නට උනා මමත් කන්දමක් පස්සෙ යන යකඩ කෑල්ල වගේ ආයාසයකින් තොරව ඔහු යන දිහාවට යන්න උනා...............
ඔහු නැවතුනේ රුවන්වැලි සෑයෙ පාදම ලඟ..................

"ඔබට මේක මතකද"


"ඔව් මම මම අනුරාධපුරේ ආවොතින් රුවන්වැලි සෑයට එනවම තමයි"

"නැහැ වීර ඔබ මතක් කල ගත යුතු කාරනා බොහෝමයි"

මට හිතාගන්න බෑ මොනවා කියනවද කියල මටත් මොනවා වෙලාද කියල ඒත් මට ඔහුගේ හුරු බවක් කටහඬේ හුරු බවක් අනිවාර්යෙන්ම දැනෙනව...........

"ඔබගේ මොලයට වෙහෙසක් නැතිනම් අපි කෙලින්ම විස්තරයට යමු වීර"

"මමත් ඒකට කැමතියි මට වෙහෙසක් නෑ"

"ඔබට මේ අනුරපුරේ ලෙන්ගතු බවක් දැනෙනවා නේද?........හුරුපුරුදු බවක්.........තමුන්ගේම හැඟීමක්............මේ ගල්කණු..........ගල් කැටයම්.......ස්වර්ණමලී සෑය...........ඔබගේම වගේ හැඟීමක්........ මම දුටුවා ඔබ ලෝවාමහාපාය ගාව කල් ගෙවනව එය තමුන්ගෙ නිවස වගේ දැනුන නොවේද?...... ඔබ හිතුවද ඇයි ඔබ අනුරපුරේ එන හැම වාරයකම වාගේ මල්වතු ඔය අසබඩට යන්නෙ ඇයි කියල...........එහි ගස් ගල් අතගාමින් කාලය ගෙවන්නෙ කියල.....නෑ නේද වීර.......... ඔය හැම එකම හේතු තියෙනව..........ඔබට ඒ හේතු ගලපගන්න බෑ වීර....... මා මෙතෙක් කල් බලා හිටියෙත් මේ මොහොත උදා වෙනකම්මයි"

මොහොතකට ඔහු කල්පනාවට වැටුන.........
මට හිතාගන්නත් බෑ හැම දෙයක්ම ඒ විදිහිටම මෙයා කියන්නෙ කොහොමද.......... මේක හීනයක් ඇත්තටම හීනයක්......... මම හොරෙන් කකුලක් කොනිත්ත ගත්ත.............

මේක කොහොමද මම ගලපගන්නෙ..............

මට අනුරාධපුරේ එන්න හිතෙනව පෝය දෙකකට කලින්, මේ ඉස්සරහ ඉන්න රූපෙ එදා ඉස්සෙල්ලාම දකිනව, ඊලඟ පෝයටත් මම අනුරාධපුරේ පුරුදු විදිහට ආයෙත් ඒ රූපෙ..............අද මා එක්ක ඒ රූපෙ විස්තරයක් කියනව..............

මම ආයෙත් ඒ රූ පෙ දිහා හොඳින් බැලුව,
ඔලුව පිටිපස්සට වෙන්න ගැට ගහල තියෙන කොන්ඩෙ, උසට හරියන මහත ශක්තිමත් බාහු,තදින් වැහුනු හකු......පලල් නලළ, තීක්ශණ ඇස්.......
කොහොමද මේ රූපෙ මට හුරු?????????? මම ඔහු ලඟින් නැගිට්ට ඒ හිතේ නොසන්සුන් කමත් එක්ක.........................පියවර කීපයක් එහා මෙහා ඇවිදින්න ගත්තෙ නොසන්සුන් කම පහවෙයි කියල හිතාගෙන.........රුවන් වැලි සෑය පැත්තෙන් හදුන්කූරු සුවඳක් ආව...........

"ඔබ නොසන්සුන් වෙලා........මම දන්නව....ඔබට මුල ඉඳන් විස්තරේ කියන්න වෙනව........... වීර අපි හෙට උදේට මෙතනදි හමු වෙමු......... ඔබ සන්සුන් වෙන්න"

මම හැරිල බලද්දිත් ඒ රූපෙ පාරෙ ඈත කොනින් පිටමන් වෙනව..............

වීර..............

මම සමෙන් කාරය ලඟට පිය මැන්න......................

2 comments:

  1. මමත් ඇත්තටම තවම මෙහෙක් වෙලා ඉන්නේ මේක කියවලා. අපිව කොහාට එක්ක යන්න හදනවද දන්නේ නෑ මේ වල් පක්ෂියා ඉඳගෙන . අපිත් බලන් ඕනනේ මේ නාඩගම, ඔහොම යන්කො .....
    -
    -
    "ප්රේක්ෂකයාගේ කුතුහලය වැඩියි කියන්නේ කතාව සාර්ථකයි කියන එකට එක් මානයක් "

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි ස්‍රී මාමෙ මේ විචාර හයියක් මට ඉඳගෙන

      Delete