Wednesday 25 September 2013

චිතකය



සුසුමක උණුහුම දැනෙන
කඳුලක සීතල විඳින
ලස්සන හීන පුරවාගත්තු
කාලයක් තිබුනා මා ලඟත්.............
 
පිනිබිඳුවක් සෙමෙන් අතට ගෙන
ඒ සිහිලස විදින්නට මිස
කඩා කුඩුපට්ටම් කරන්නට
සිතුවේ නෑ කිසිදිනක............
 
අතපොවන මානයක 
ඇස ගැටෙනඉසව්වක
හිත කෑ ගහන යාමයක
නුඹමයි හිටියේ තනියට............
 
හිත මුර ගෑවත් නුබේ නමට
හදවත සැලුනත් නුඹෙ නමට
කීරි ගැහෙන සිතුවිලි මැද
මුල මැද අග නුඹ නිසාම
හිතමුල්ලක තැන්පත් කර 
සැදූ අපේ පෙම් චිතකය
ගිනිගන්නවා නොදැනීම
දුමක්වත් පිට නොකර...........
 
නිවාලන්නට ඒ ගින්න
කොයින්ද මට සිහිල් දිය
මල්පැන් පොදක් ගෙන
ඉන්නෙමි ඔහෙ හුදකලාවම....
 

10 comments:

  1. නියමයි සහෝ දිගටම කරගෙන යමු.. චුටියගේ සුබ පැතුම් :)

    ReplyDelete
  2. "මල්පැන් පොදක් ගෙන
    ඉන්නෙමි ඔහෙ හුදකලාවම"

    මේ වැඩේටනම් කට්ටිය ඉදියි ඕන තරම්

    ReplyDelete
    Replies
    1. අම්මප ඔව් මැලේ මොකට නැති උනත් ඒකට කස්ටිය හොයාගන්න ඇහැකි ඈ

      Delete
  3. නියමයි අහිංසක පක්ශියා....

    ReplyDelete
  4. නියමයි නියමයි කරගෙන යමු

    ReplyDelete
    Replies
    1. සාජන් මහත්තයො ස්තූතියි ඈ

      Delete
  5. දුර්වල පිරිමින් මත්පැන් බී සැනසෙති ,,,,
    ශක්තිමත් ගැහැණුන් කදුළු බී හිනැහෙති

    ReplyDelete
    Replies
    1. ඒකත් ඒමද ඈ.........
      කඳුලු යනු කාන්තාවන්ගේ මාරක, අමානුෂීය, පිරිමියාගේ හදවට ඔද්දල් කරන එකම අයුධයයි
      චින්කිත්තා

      Delete