Sunday 22 September 2013

ඩ්‍රින්ක් එක

ඩෙනිමත් ඇඳගෙන
ජෙල් ගා හිස පීරගෙන
ටී ෂර්ටය යට කරගෙන
නියම හැන්ඩියෙක් විලසට

ඩෙක් ෂූස් දාගෙන
යාලුවන් සැට් එකත් එක්කම
ගොඩ වැදුනා බාර් එකකට
නියම මහතෙක් විදිහට

වීදුරුව පුරවලා
චියර්ස් යැයි කියලා
පලමු සොට් එක ගැහුවා
දත් කූරෙන් බයිට අමුනලා



සොට් දෙක තුන උනා
හතර පහකුත් වැදුනා
වීදුරුව පෙරලුනා
සිoහලත් අමතක උනා

සුද්දගෙ ඉන්ගිරීසිය
කියනව උටත් වඩා නියමෙට
බයිට් එක හැම අතමය
අත පිහදීම ඩෙනිමෙන් මය

යට කල ටී ෂර්ටය
නිකන්ම දැන් උඩය
ජෙල් ගාපු කොන්ඩය
අස්සේ ඇත්තේ ළූනු කෑලිය

වේටර් මල්ලියා
සර් කියලා කිව්වා
ඒත් දැන් මේ යකා
බනිනවා හඬ නගා





පරණ රස මිහිරී
කියනවා පැටලී
ඒ අතර දුක් ගී
ඇසෙනවා කෙඳිරී

බිලකුත් ගෙනාවා
සල්ලි එක් කෙරුවා
වේටර් මල්ලියා
ටිප් එකට ඉව කෙරුවා

මහ රෑ ජාමය
යන්න වාහන නැතිමය
යාලුවෙක් එක් වරම
දැම්ම කබරයා තාම මතකය



 කෑ චිකන් කෑලි
එක්ක බී ඒ සැර ජාතී
ආව සුවදට පැටලී
තවත් එකෙකුත් කබර දාපී





පැමිණ ගෙදරට
සිග් සැග් මැහුම විලසට
රිoගා කාමරයට
නිදා ගත්තේ කොහෙද ඇත්තට



උදෑසන බැනුම්ය
කෑම කන්නට නොහැකිය
නැගිට ගන්නට නොහැකිය
ඔලුව මාගේ නොමැති ගානය
  
පහුවෙනිද නැගිටලා
බැලු විටදි විමසලා
මුලු ඇඟම් නෑවිලා
තිබුන කබරයො දාපු ඒවා

ඔලුවම විකාරය
නැගිට ගන්නට නොහැකිය
මොකට බිව්වා කියා මා හට
හිතා ගන්නට තාම නොහැකිය

 ආයෙනම් බොන්නෑ
නිකන් දුන්නත් ඕනි නෑ
මෙහෙම දුක් වෙන්න බෑ
ආයෙනම් මම බොන්නෙ නෑ

හිතලා එහෙම මම
හැරුනා ඇදේ පැත්තට
මැසේජයක් ආවා මට
සැට් වෙමුද හවස ජාමෙට


12 comments:

  1. නියමයි හැබැයි මලාට බොන්නෑ කියන්නෙ බීල බීල චප්ප වෙලා මාරුවෙන් ඉද්දි විතර තමා ,

    ReplyDelete
    Replies
    1. හරියට හරි සජන් මහත්තයො ඉඳගෙන

      Delete
  2. නියමයි ඈ ලෙසටම දීලා තියනවා

    ReplyDelete
  3. ස්තූතියි චූටියො

    ReplyDelete
  4. නියමයි චින්කෝ. ඇත්ත ඇති සැටියෙන් . කවුරුතොහොම තමයි බන්, ලස්සනට සරලව ලියල තියනවා, සුබ පැතුම, ජය වේවා උඹට
    ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්‍රී මාමෙ ඉඳගෙන

      Delete
  5. ඒකනේ ඉතිං කියන්නේ ඔය මල ජරාව කටට ගන්න එපා කියලා!

    ReplyDelete
    Replies
    1. හැ...........ඒකත් ඒමද ඒනම් බොන්නෙ කෝමෙයි ඈ ඉඳගෙන

      Delete
  6. ඔය තියෙන්නේ කැරැට්ටුව ලියලා

    ReplyDelete
  7. හහහා පට්ට.... අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. bබෝම ස්තූතියි රජෝ ඉඳගෙන අපිලගෙ මූන නෑ නෑ බ්ලොග් එක බලල කොරල කොමෙන්ටුවක් දැම්මට

      Delete