මේ කාලෙ නම් නෙමේ මොකෑ ඉතින් පහු ගිය දවස් ටිකේ වැස්ස කියන්නෙ මල් 7ටම වැස්සනෙ....
කමක් නෑ ඉතින් වහින්නත් එපෑ කෝමෙන් කෝම හරි කථාව කියන්නත් එපෑ.....ඕන් මම අලුතෙන් ආව කියල කොමෙන්ටුවක් නොදා යනව එහෙම නෙවී.... හොඳ නරක වැරදි ගල් මල් මඩ ඔය ඕනි එකක් දාල යන්න ඈ බොක නොදා...........හරි ඕන් කථා වස්තුව............
ඔන්න ඉතින් එක රස්නෙ දවසක හවස ගෙදරට වෙලා ඉන්නව කොරන්න දේකුත් නෑ........වෙලාවත් හවස 6ට විතර මේ වෙනකොට....ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ අනිච්චේ දුක්ඛේ....... ඒ මදිවට රස්නෙ.....කාමරේට රිoගගෙන ෆෑන් එකදාගත්ත බලන්න හුටා ඒකෙන් එන්නෙත් රත්වෙච්චි හුළo.........ඇඳගෙන උන්නු ශෝටෙන් සරමකට බැස්සෙ තව චුට්ටක් කූල් වෙන්න කියල හිතාගෙන......කූල් වෙන්න කියල සින්දුවකුත් ලැට්පොත්ත පීරල හොයාගත්ත ඒකත් මහ සද්දෙට දාගත්ත කියහල්ලකො ඉඳගෙන..............
Get up, stand up: stand up for your rights!
Get up, stand up: stand up for your rights!
Get up, stand up: stand up for your rights!
Get up, stand up: don't give up the fight!
හූයේ.......... බොම්මාලි අයිය ඔලුව වන වන කියනව.......... එතකොට මතක් උනේ හන්දියෙ තුන් රෝද රථ ටික කොළ කහ රතු පටි ගහපු බොම්මාලි අයියගෙ රූපෙත් එක්ක රස්ත බෝයි කියල ස්ටිකර් අලෝගෙන තුන් රෝද රථ කොච්චරනම් තියෙනවද..
අනේ හැබෑට මුන් මේ රතු කහ කොල පාටවල් තුනේ තේරුමවත් දන්නවද මo දන්නෙ නෑ.....හැබැයි සමහරු නම් මොනා නැති උනත් බොම්මාලි අයිය වගේ සසූස්ති පාරානම් අදිනව කියල පක්සිය දන්නව ඉඳගෙන.............. මම දන්න තාලෙට නම් ඔය පාට තුනෙන් අදහස කොලේ,
රතු : සුද්දන්ගෙන් බේරෙන්න යුද්ද කොරපු කාලෙ හලපු ලේ
කහ : සුද්දො තමන්ගෙ රටින් හොරකන් කොරගෙන ගිය රත්තරo
කොල : ගහ කොළ
ඔන්න ඕව (මීට වඩා දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කොරන්න ඈ ඉඳගෙන)
මොනා උනත් බොම්මාලි අයිය අලුතෙන් සoගීත සයිලියක් හදුන්නල දුන්න.........රෙගේ ඕනි වෙලාවක අහo ඉන්න පුලුවන් තාලෙ සoගීතයක් ඒක..........හූයේ
1945 පපෙබරවාරි 6 වෙනිදා ජැමෙයිකාවෙ උපත ලබපු මාලි අවුරුදු 36 තරම් කෙටි කාලයක් ජීවත් වෙනව........ ඒත් ඔහු අදටත් මිනිසුන්ගෙ හිතේ ජීවත් වෙන්නෙ ඔහුගේ අවිහින්සාවාදය සහ ඔහු ගායනා කල ගීත නිසා..........
බොබ් ගේ මරණය ගැනත් එක එක විදිහෙ කථා තියෙනව හැබයි ඔය හැමෝම කියන විදිහට බොබ් මලේ ගoජ ගහල කියන එකගැන ගොඩාක් කතන්දර තියෙනව... මොනා උනත් බොබ කිව්වෙ නෑ කොල්ලන්ට උඹලත් ගoජ ගහපියව් කියල ඒත් ඒකට අපේ උන් බොබා ගෙන් අල්ල ගත්තෙ අන්න ඒ ගoජ සුරුට්ටුව විතරයි...............
ඉතින් කෝමෙන් කෝම හරි රස්නෙ ඉවසන්නත් බෑ ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ අනික හවස් වරුව එන්න එකෙකුත් නෑ...... ඕනි එකක් කියල මෙච්චර වෙලා කරදරයක් වෙලා තිබ්බ සරම් කොටෙත් ගලවල දැම්ම... හප්පා දැනෙන සනීපෙ..........පුහ්..............
කෙලා කියහල්ලකො කවුරුත් නෑ කියල හිතුවට මෙන්න බොලේ එකෙක් ඇස් උරුක් කරගෙන බලාගෙන ඉන්නව සැ......... මාර නෝන්ඩිය ..........පජාතයි..................... හූනෙක් බලා ඉන්නවනා ඇස්දෙක මේම කරගෙන......
ලැජ්ජාව එක අතකින් වහගෙන මේසෙ උඩ තිබ්බ රූලෙන් ඌව එලෙව්ව මූ මහ කුපාඩි හූනෙක් මයෙ හිතේ ඌ දුවල ගිහිල්ල..... හරි හරි තව එකෙක් එක්කගෙන ආවෙ නෑ..........සීලිමට වෙලා එලිලා ඔලුව කනපිට හරෝගෙන ඉන්නව කරන්න දේකුත් නෑ දුන්න සරම් පාරක් අන්න ඒ සොට් එකට හූන දිව්ව දිවිල්ලක්................ මේම මේම දුව්වෙ...............
හූන කිව්වට මුට ඉන්ගිරීසියෙන් හවුස් ගෙකෝ කියල කියන්නෙ ඈ ලක්සන සත්වය.... විද්‍යාත්මක නාමය Hemidactylus
frenatus
කෝම හරි මූ සීලිමේ යන්නෙ කෝමද අන්න ඒකයි පුරස්නෙ..................
මුගෙ කකුලෙ තියෙනව විසේස කෙදි වගයක් හරියටම කිව්වොත් කොන්ඩෙ වගේ ඈ සාමාන්‍ය මනුස්ස කෙස් ගහක් නැනෝ මීටර් 100,000 විතර පළලයිලු..... ඒත් මේ හූනගෙ කකුලෙ තියෙන කෙස් ගහක පලල නැනෝ මීටර් 200ක් වගේලු ................ මේවට කියන්නෙ සීටී කියල මේව මිලියන බාගයක් විතර උන්ගෙ කකුලෙ තියෙනවලු
මේ තියෙන්නෙ හූනගෙ කකුලෙ ලොකු කොරපු මෙව්ව එකක්
මේ තියෙන්නෙ සීටී එකක් විසාල කොරල බැලුවහම පේන විදිහ
මෙන්න මේ සීටී අග අතිවිසාල කොරල බැලුවහම ඒක අග්ගිස්සෙ තියෙනව spatulae ඒව හරියට චූශන කෝප්ප වගේ මේව එච්චර මහ ගොඩක් නෑල්ලු කකුලක මේවගේ ඒව බිලියනයක් ඇතිලු....
මේ තියෙන්නෙ සීටී එල අග්ගිස්සෙ තියෙන spatulae විසාල කොරාම පේන විදිහ
මෙන්න මේ චූශන කෝප්ප වලට පින් සිද්ද වෙන්න තමයි ඔය හූන උඩු යටි කුරු වෙලා ඇවිදින්නෙ....
අනික තමයි මූ සතුර මුලා කොරන්න නැට්ටත් හලනව ඒ හලපු නැට්ට තවත් නැට්ටකින් රී ප්ලේස් වෙනව ඔන්න ඕකයයි තත්වෙ...................
මොනා උනත් රස්නෙ ඉවසගන්නම බැරි තැන පොඩ්ඩක් එලි යට ගියා........... එතකොටම මේන් එනව පහල ගෙදර රස්ත බෝයි ඌත් මෙලෝ හසරක් දන්නෙනැති උනාට රතු කහ කොල පාට බෑන්ඩ් අතේ දාගෙන ඇවිදින පොරක්
"ආ අයියා මේ ටිකේ මාර රස්නෙයි නේ "
" ඔව් මල්ලි හුලo ටිකක් වදින්න කියල ආව ගේ අස්සෙ මාර රස්නෙයි "
" හොඳයි අයියෙ අපි ඒනම් ගියා "
"හරි මල්ලියා"
මෙන්න එතකොටම උගේ නoගිත් ක්ලාස් ඇරිල යනව
"ආ අයියා......... ඊක්කා"
කියාගෙන දිව්ව
මම බැලුව මොකදෑ මේ කියල..... වට පිටේ අවුලකුත් නෑ අනේ මන්ද මුන්ට ලූස්
සරම කැහැපොට ගහ ගන්න ඕනි කියල හිතපු මම සරමෙ යටි කොන අල්ලගන්න පාත් උනා
කෙලා ජොරේ නේද පුතා... යකෝ මම ඇඳගෙන උන්නු සරමෙන් හූනට ගහල එලියට ඇවිල්ල තියෙන්නෙ අනෙ අම්මියෝ හරි සෝක්.......... කුමර බඹසර ඉවරයි.................. විලි ලැජ්ජාව දෝතින්ම වහ ගත්තු මම ගෙට රින්ගුවෙ හෙට දවසට මූණ දෙන්නෙ කෝමද කියල හිත හිතයි
මන් වගේ තව එක්කෙනෙක් හම්බුණා.. බොබ් මාලිගේ වර්ණ වර්ණ 3 නේ කහ පාටින් සාමයත් පිළබිඹු වෙනවා කියලා අහලා තියෙනවා..
ReplyDeleteචින්කෝ හුනගේ අත්වලට ඔහොම චුෂකර ඉබේ ලැබුනද පරිණාමයෙන් ඈ ? සොබාදහම හරිම පුදුමයි .. මේ දේවල් හැමෝටම නැවතිලා විදින්න තරම් හිතක් නොලැබෙන එක ගැන දුකයි ,, හොද ලිපියක් ,,ඒත් අරවගේ නිර්වස්ත්‍රව සිටීම නම් තරයේ හෙලා දකිනවා ඉදගෙන ඔන්
බොහෝම ස්තූතියි ඔමායා ඉඳගෙන..........
Deleteහූනට පරිසර තත්වයන්ට හැඩ ගැහෙන්න උගේ පරිනාමයත් එක්ක එකතු උනු එකක් වෙන්න ඕන ඒ චූශන කෝප්ප මෙකද උගේ වන්ශයෙ අනික් අයට ඒක නෑ....නාන්න ඒකයි මම කියන්නෙ
නිර්වස්තර වීම පිලිඹඳවනම් මාගෙත් බලවත් මෙව්ව එක ඈ ඉඳගෙන
මාලේ කරේ චේ පපුවේ හිටියට අපේ කට්ටිය ඒ අයගේ හොඳ දේවල් පොඩ්ඩක් වත් හිතට අරගෙන නෑ! ෂෝ එක විතරයි!
ReplyDeleteඔව් නාඩිය අපේ ගොඩාක් උන් කෝමත් ගන්නෙ වැරදි පැත්ත විතරයි ඉඳගෙන
Deleteජයවේවා ඔන් අද තමා කුළුදුලේම ගොඩ වුනේ
ReplyDeleteබොහෝම ස්තූතියි මාමෙ ගොඩවෙලා යන්න ආවට ඉඳගෙන
Deleteජයවේවා ඔන් අද තමා කුළුදුලේම ගොඩ වුනේ
ReplyDeleteජය වේවා චින්කෝ . ඔන්න මද්දුවා ගොඩ උනා උඹේ අඩවියට, පොඩි දුකක් තියනවා මේ ගැන මුලින් මාව දැනුවත් නොකළ එක ගැන. එත් කවදාවත් තරහ නෑ , ජය පතනවා හිටගෙනම. දැන් ඉතින් බේරුමක් නෑ බොට , හැමදාම එනවා මේක බලල යන්න, අකමැති උනත් කරන්න දෙයක් නෑ , වදයක් තමයි . යන්ඩ කියන්ඩයෑ දැන් .
ReplyDeleteඔන්න එහෙනම් හදවතින්ම
ජයශ්‍රී
සමා අවසර ස්‍රී මාමෙ දිගටම ඒවි කියල හිතනව හොඳ නරක කියන්න ඉඳගෙන
Deleteඅයෙත් අහල . නෑවිත් ඉන්නේ නෑ බන් . අනිවා එනවා.
ReplyDeleteඑලස් ඒක හයියක් ඈ
Deleteපස්සියාගේ බ්ලොග් එක පස්ටනේ... අනිවා දිගටම කියවනවා.. නොදන්න ඒවා ගැන කියනවා වගේම පොඩි පන් එකකුත් දෙන නිසා පට්ට ආ
ReplyDeleteපන් එකත් එක්කම පොඩි අද්දියාපන වැඩකුත් කොරන්න එපෑ ඉඳගෙන
Delete