Sunday 15 September 2013

නොනිමි [හතර]




කාරයට ඇවිල්ල ඉඳගත්තු මම ආයෙත් කල්පනවට වැටුන...............
වීර............
කාරය පනගැන්වූ මා අපගේ නවතැන බලා සෙමෙන් යන්නට උනා.......
මොනව උනත් ඒ කියපු ඔක්කොම හරි.. ඒත්.........හ්ම්ම් හෙට බලමු මොකද්ද කියල වෙන්නෙ.

නවාතැනට පැමිණි මා ඇදේ දිගා උනා සගයන් පිරිස තාම නැහැ..............

" ආ..........මෙන්න මූ ඇවිල්ල"
"ඔව් බන්... උඹල නාගත්තද හොඳට"
"එන්නනෙ බන් තිබ්බෙ"
"අනේ මචන් නිකන් වචන නාස්ති කරගන්න එපා මුට ඕව කියල... කොහෙ හරි ගල් කනුවක් බදාගෙන ඉන්න ඇති මූ"

"ඒක නෙමෙයි"
"ඒ පාර මොකද්ද"
" මචන් හෙට මට උඹල එක්ක යන්න එන්න වෙන එකක් නෑ උඹල පලයල්ල"
"මෙන්නඒ පාර මොකද මුට වෙන්න එන්නෙ"
"මුකුත් නෑ උඹල මගේ වාහනෙත් අරන් පලයල්ල මම බස් එකේ එන්නම්"
"ඇයි උඹ වනවැදිල මහන වෙන්නවත් හදනවද"
"නෑ බන් ශුවර් එකට මුට තව ගල් ගොඩක් හම්බු වෙන්න ඇති"
"මම කියන එක අහපල්ලකො......පොඩි වැඩකට මම ඉන්නව උඹල පලයල්ල මම ඇවිල්ල විස්තරේ කියන්නම්"
"මන්ද බන් උඹේ වැඩ"

"හරි හරි උඹල පලයල්ල මම දවස් දෙක තුනෙන් එනව"

රාත්‍රියේදි අඳ එක්ක පොර බැදුවත් නින්ද ලඟටවත් ආවෙ නෑ...........හැම වෙලේම සිහියට ආවෙ එකම එකයි............මොකද්ද මේ පටලැවිල්ල කියන එක විතරමයි.....
පසුදා උදෑසන උනා කියල දැන ගත්තෙ සගයන් යන්න ලෑස්ති වෙන සද්දෙන් නිදි මතට තෙහෙට්ටු උනු ඇස් දෙක ඇරගන්නවත් බැරුව මම ඇදේම උන්න.....සගයන් පිටවෙලා ගියාද නැද්ද දන්නෙත් නැතුව මාව හීන ලෝකෙට පාවෙලා ගියා..............

මගේ වටේ අස්සයො දුවනව.........මහ ඇතෙක් කුන්චනාදෙ කරනව............මුහුණ අදුන ගන්න බැරි පිරිසක් කඩිමුඩියෙ වැඩ වගයක් කරණව ඒව පැහැදිලි නෑ...... මම තදින් ඇස් පියාගත්ත.........................

6 comments:

  1. මාර දිගට කොටන පස්සියෙක් නෙව මේකා.. හැබෑට උඹේ මොලේ විනාඩි දෙකක් විතරද එක පාර වැඩ කරන්නේ

    ReplyDelete
    Replies
    1. හැ........... වෙලාවෙ පොඩි පුරස්නයක් තියෙනව අන්නේකයි මම කියන්නෙ ඉඳගෙන

      Delete
  2. මේක ඉවර කරන්න අදහසක් නැතිවා වාගෙයි . ප්‍රේක්ෂකයාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ලියනව හිටාන් වෙලාව හොයාගන්නත් ඕනිනෙ

      Delete
  3. අඩෝ , බිජ්ජෝ,, මේකේ ඉතුරු ටිකත් ඉක්මනට ලියහන් බොල

    ReplyDelete
  4. චින්කු කෝ අනේ ටිකක් දිගට ලියන්න දැන් නම්

    ReplyDelete