Tuesday, 27 August 2013

නොනිමි [දෙක]




"නැගී සිටින්න"

ඒ හඬ ලෙන්ගතුයි, ගාම්බීරයි............ මම වටපිට බැලුව වටේටම තියෙන්නෙ එක යායට තියෙන ගස් විතරයි...........ඒත් ඒ හඬ හුරු පුරුදුයි.......
හෙමීට උන් තැනින් නැගිට ගත්තු මම සෙමෙන් කාමරයට පිය මැන්න අයෙත් අර නිරුවත් දෙපයට වදින අකුනු සැරය හිස් මුදුන දක්වාම පැතිර ගියා..................

පසුවදා පාන්දරින්ම මම ආයෙත් ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුවට.........ඒ අර ශාන්ත රුව දකින්නට හිතාගෙන අවිනිශ්චිත හැඟීමකින්...................සුපුරුදු ඒත් කව්ද කියා නොදන්නා ඒ රුව පෙරදා වාගේම ශාන්තව නිවී සැනසිල්ලෙ බවුන් වඩනව...........


මම හෙමීට හැරිල ලෝවාමහ පාය අසලට ගියා........සත්පාරක් ගිලිල මහල් හත්කින් සමන් විත උනා කියල ඉතිහාසයේ කියවෙන ගල් කණු රැසකින් වට වුනු ලෝවා මහාපාය.........මම කොච්චර බැලුවත් එපා නොවෙන තැන්...................

ආයෙත් බැලුවහම ඒ ශාන්ත රුව පේන්නවත් නෑ.............හිත හදාගෙන රුවන් වැලි සෑයට යන්න ඕනි කියන හිතුවිල්ලත් එක්කම මම වාහනේට ආව

ඒ එනකොටත් ජoගම දුරකතනය කෑ ගහනව

"උඹල නැගිට්ටද මචන්"


"නැගිට්ටද?; කොහෙද බූතයො නොකිය යන්නෙ තනියම, කොහෙද උඹ ඉන්නෙ"


" හරි හරි මම මේ රුවන් වැලි සෑයට යනව උඹල එන්නෙ නෑනෙ ඒකයි මම තනියම ආවෙ අනික මේ අනුරාධපුරේ මට මොන තනියක්ද බන් ගෙදර වගේ"


" ඉක්මනට වරෙන් පරක්කු උනොත් අපි යනව තිස්ස වැවට නාන්න"


"උඹල පලයල්ල "


"හ්ම්ම් යන තැනක පරිස්සමෙන්"

ජoගම දුරකතනය ක්‍රියාවිරහිත කල මම වාහනේත් අරන් රුවන් වැලි සෑය කා පාක් එකට ආව.......

රුවන් වැලි සෑ රජුන් වන්දනා මාන කරගත්තු මම පොඩ්ඩක් වටේ ඇවිදින්න කියල හිතාගෙන වාහනේ තියල එලියට ආව................

නටඹුන් දකිද්දි ඉස්සර කොයි තරම් ලස්සනට මේ පැත්ත තියෙන්න ඇතිද කියල හිතෙන්ව...... සෙන්පතියන් පිට උඩ තියාගෙන අස්සයො මේ පරවල් දිගේ දුවන්න ඇති.........ඇස් දෙක පියාගත්තහම ලස්සන චිත්‍රයක් වගේ ඒ ටික මගේ හිතේ ඇඳෙන්න ගත්ත ජීවමාන විදිහටම.............

ඒ ලස්සන චිත්‍රයත් ඇහේ රඳෝගෙනම මම මයිල ගහක් යටින් වාඩි උනා............ ඇඟට දැනෙන සුවබර කම මට මීට කලින් දැනිලම නෑ............මම තව තවත් ඇස් පියාගෙන ඒ චිත්‍රයෙ රස විඳින්න ගත්ත...................
අස්සයන්ගෙ ටකස් ටොකොස් සද්දෙ ම්ගේ කන ලඟින්ම ඇහෙනව හස්ති රාජයෙක් කුන්චනාද කරනව ඈතින් ඇහෙනව..............මම මේ චිත්‍රයට ලෝබ කලා ගොඩාක්ම...............කවුරුන් හෝ ලඟට එන බවක් දැනුන ඒ හැබැහින්ද නැත්නම් මේ චිත්‍රයෙන්ද.............හිතාගන්න බෑ ඒත් මම ඇස් දෙක පියාගෙනම හිටිය.......

ඒත් අර එදා ඇහුනු ලෙන්ගතු ගාම්බීර කට හඬ ආයෙත් ඇහෙන්න ගත්ත..........

"අවසර......... සමාවෙන්න හිරි හැරයක් උනානම්"

ඇස් දෙක ඇරිය නෙමෙයි ඉබේ ඇරුන............
දැක්ක දෙයින් මම ගල් ගැහුන...........

6 comments:

  1. ඊලග කෑල්ල තවත් රසවත් වේවි.. චින්කු මගේ සුබ පැතුම් කුලුල්ලෝ,,ඉඩ ලැබෙද්දී ලියන්න ඉදගෙන කොට කොට ඉන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලියනව ඉඳගෙන

      Delete
  2. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.....

    //නටඹුන් දකිද්දි ඉස්සර කොයි තරම් ලස්සනට මේ පැත්ත තියෙන්න ඇතිද කියල හිතෙන්ව...... සෙන්පතියන් පිට උඩ තියාගෙන අස්සයො මේ පරවල් දිගේ දුවන්න ඇති//මට මෙහෙම දෙයක් හිතුණා ඔය ගැන. දැන් නටඹුන් අස්සෙම මහා ගස් හැදිච්ච නිසානේ ඔය සිසිල, ලස්සන. ඉස්සර ඔය තැන්වල තියෙන්න ඇත්තේ තනිකර ගොදනගිලිනේ. එතකොට පිටකොටුව වගේ තිබුනද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැ ඒකත් ඇත්ත තමයි ඈ ඉඳගෙන........ හැබැයි පරණ මිනිස්සු සතාසිව්පාවට ගහකොල වලට ආදරේ කොලා අන්න ඒකයි මම කියන්නෙ

      Delete
  3. නියමයි චින්කෝ. පටන් ගත්ත විතරනේ, අන්තිම වෙද්දී මොකෝ වෙන්නේ කියල බලමු .....
    ජය වේවා

    ReplyDelete