Thursday, 19 September 2013

රස්නෙ කාලෙ වෙච්චි දෙයක්

ඉතිo ඕo මටත් ලියන්න කියල හිතුන ඔලුවට ආපු අදහසක් ඔව් ඉඳගෙන...........
මේ කාලෙ නම් නෙමේ මොකෑ ඉතින් පහු ගිය දවස් ටිකේ වැස්ස කියන්නෙ මල් 7ටම වැස්සනෙ....


කමක් නෑ ඉතින් වහින්නත් එපෑ කෝමෙන් කෝම හරි කථාව කියන්නත් එපෑ.....ඕන් මම අලුතෙන් ආව කියල කොමෙන්ටුවක් නොදා යනව එහෙම නෙවී.... හොඳ නරක වැරදි ගල් මල් මඩ ඔය ඕනි එකක් දාල යන්න ඈ බොක නොදා...........හරි ඕන් කථා වස්තුව............

ඔන්න ඉතින් එක රස්නෙ දවසක හවස ගෙදරට වෙලා ඉන්නව කොරන්න දේකුත් නෑ........වෙලාවත් හවස 6ට විතර මේ වෙනකොට....ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ අනිච්චේ දුක්ඛේ....... ඒ මදිවට රස්නෙ.....කාමරේට රිoගගෙන ෆෑන් එකදාගත්ත බලන්න හුටා ඒකෙන් එන්නෙත් රත්වෙච්චි හුළo.........ඇඳගෙන උන්නු ශෝටෙන් සරමකට බැස්සෙ තව චුට්ටක් කූල් වෙන්න කියල හිතාගෙන......කූල් වෙන්න කියල සින්දුවකුත් ලැට්පොත්ත පීරල හොයාගත්ත ඒකත් මහ සද්දෙට දාගත්ත කියහල්ලකො ඉඳගෙන..............

 Get up, stand up: stand up for your rights!
 Get up, stand up: stand up for your rights!
 Get up, stand up: stand up for your rights!
Get up, stand up: don't give up the fight!

හූ‍යේ.......... බොම්මාලි අයිය ඔලුව වන වන කියනව.......... එතකොට මතක් උනේ හන්දියෙ තුන් රෝද රථ ටික කොළ කහ රතු පටි ගහපු බොම්මාලි අයියගෙ රූපෙත් එක්ක රස්ත බෝයි කියල ස්ටිකර් අලෝගෙන තුන් රෝද රථ කොච්චරනම් තියෙනවද.. 


















අනේ හැබෑට මුන් මේ රතු කහ කොල පාටවල් තුනේ තේරුමවත් දන්නවද මo දන්නෙ නෑ.....හැබැයි සමහරු නම් මොනා නැති උනත් බොම්මාලි අයිය වගේ සසූස්ති  පාරානම් අදිනව කියල පක්සිය දන්නව ඉඳගෙන.............. මම දන්න තාලෙට නම් ඔය පාට තුනෙන් අදහස කොලේ,

රතු : සුද්දන්ගෙන් බේරෙන්න යුද්ද කොරපු කාලෙ හලපු ලේ
කහ : සුද්දො තමන්ගෙ රටින් හොරකන් කොරගෙන ගිය රත්තරo
කොල : ගහ කොළ
 ඔන්න ඕව (මීට වඩා දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කොරන්න ඈ ඉඳගෙන)

මොනා උනත් බොම්මාලි අයිය අලුතෙන් සoගීත සයිලියක් හදුන්නල දුන්න.........රෙගේ ඕනි වෙලාවක අහo ඉන්න පුලුවන් තාලෙ සoගීතයක් ඒක..........හූයේ

 1945 පපෙබරවාරි 6 වෙනිදා ජැමෙයිකාවෙ උපත ලබපු මාලි  අවුරුදු 36 තරම් කෙටි කාලයක් ජීවත් වෙනව........ ඒත් ඔහු අදටත් මිනිසුන්ගෙ හිතේ ජීවත් වෙන්නෙ ඔහුගේ අවිහින්සාවාදය සහ ඔහු ගායනා කල ගීත නිසා.......... 
බොබ් ගේ මරණය ගැනත් එක එක විදිහෙ කථා තියෙනව හැබයි ඔය හැමෝම කියන විදිහට බොබ් මලේ ගoජ ගහල කියන එකගැන ගොඩාක් කතන්දර තියෙනව... මොනා උනත් බොබ කිව්වෙ නෑ කොල්ලන්ට උඹලත් ගoජ ගහපියව් කියල ඒත් ඒකට අපේ උන් බොබා ගෙන් අල්ල ගත්තෙ අන්න ඒ ගoජ සුරුට්ටුව විතරයි...............

 ඉතින් කෝමෙන් කෝම හරි රස්නෙ ඉවසන්නත් බෑ ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ අනික හවස් වරුව එන්න එකෙකුත් නෑ...... ඕනි එකක් කියල මෙච්චර වෙලා කරදරයක් වෙලා තිබ්බ සරම් කොටෙත් ගලවල දැම්ම... හප්පා දැනෙන සනීපෙ..........පුහ්..............

කෙලා කියහල්ලකො කවුරුත් නෑ කියල හිතුවට මෙන්න බොලේ එකෙක් ඇස් උරුක් කරගෙන බලාගෙන ඉන්නව සැ......... මාර නෝන්ඩිය ..........පජාතයි.....................  හූනෙක් බලා ඉන්නවනා ඇස්දෙක මේම කරගෙන......




ලැජ්ජාව එක අතකින් වහගෙන මේසෙ උඩ තිබ්බ රූලෙන් ඌව එලෙව්ව මූ මහ කුපාඩි හූනෙක් මයෙ හිතේ ඌ දුවල ගිහිල්ල..... හරි හරි තව එකෙක් එක්කගෙන ආවෙ නෑ..........සීලිමට වෙලා එලිලා ඔලුව කනපිට හරෝගෙන ඉන්නව කරන්න දේකුත් නෑ දුන්න සරම් පාරක් අන්න ඒ සොට් එකට හූන දිව්ව දිවිල්ලක්................ මේම මේම දුව්වෙ...............

හූන කිව්වට මුට ඉන්ගිරීසියෙන් හවුස් ගෙකෝ කියල කියන්නෙ ඈ ලක්සන සත්වය.... විද්‍යාත්මක නාමය Hemidactylus frenatus

මම හිතන්නෙ අපේ මිනිස්සු  මේ අඟල් 4 - 5 සතාට මාර බයක් තියෙන්නෙ ඈ................ කොහෙ හරි යන්න හදනකොට මූ චුක් චුක් ගෑවොත්  ගමන ඉවරයි..... ඇත්තටම මූ චුක් චුක් ගාන්නෙ එක්කො බඩගිනි වෙලා නැත්නම් උගෙ මායිය හොයාගන්න වගේ එකකට.....  ඒකට අපේ අය බයයිලු..................... ඒ මදිවට හූනු සාස්තර වෙනම තියෙනව මාරයි ඈ.... 

කෝම හරි මූ සීලිමේ යන්නෙ කෝමද අන්න ඒකයි පුරස්නෙ..................

මුගෙ කකුලෙ තියෙනව විසේස කෙදි වගයක් හරියටම කිව්වොත් කොන්ඩෙ වගේ ඈ සාමාන්‍ය මනුස්ස කෙස් ගහක් නැනෝ මීටර් 100,000 විතර පළලයිලු..... ඒත් මේ හූනගෙ කකුලෙ තියෙන කෙස් ගහක පලල නැනෝ මීටර් 200ක් වගේලු ................ මේවට කියන්නෙ සීටී කියල මේව මිලියන බාගයක් විතර උන්ගෙ කකුලෙ තියෙනවලු

                               
                                 මේ තියෙන්නෙ හූනගෙ කකුලෙ ලොකු කොරපු මෙව්ව එකක්











මේ තියෙන්නෙ සීටී එකක් විසාල කොරල බැලුවහම පේන විදිහ

මෙන්න මේ සීටී අග අතිවිසාල කොරල බැලුවහම ඒක අග්ගිස්සෙ තියෙනව spatulae ඒව හරියට චූශන කෝප්ප වගේ මේව එච්චර මහ ගොඩක් නෑල්ලු කකුලක මේවගේ ඒව බිලියනයක් ඇතිලු.... 

මේ තියෙන්නෙ සීටී එල අග්ගිස්සෙ තියෙන spatulae විසාල කොරාම පේන විදිහ

මෙන්න මේ චූශන කෝප්ප වලට පින් සිද්ද වෙන්න තමයි ඔය හූන උඩු යටි කුරු වෙලා ඇවිදින්නෙ....
අනික තමයි මූ සතුර මුලා කොරන්න නැට්ටත් හලනව ඒ හලපු නැට්ට තවත් නැට්ටකින් රී ප්ලේස් වෙනව ඔන්න ඕකයයි තත්වෙ...................

මොනා උනත් රස්නෙ ඉවසගන්නම බැරි තැන පොඩ්ඩක් එලි යට ගියා........... එතකොටම මේන් එනව පහල ගෙදර රස්ත බෝයි ඌත් මෙලෝ හසරක් දන්නෙනැති උනාට රතු කහ කොල පාට බෑන්ඩ් අතේ දාගෙන ඇවිදින පොරක්

"ආ අයියා මේ ටිකේ මාර රස්නෙයි නේ "

" ඔව් මල්ලි හුලo ටිකක් වදින්න කියල ආව ගේ අස්සෙ මාර රස්නෙයි "


" හොඳයි අයියෙ අපි ඒනම් ගියා "

"හරි මල්ලියා"


මෙන්න එතකොටම උගේ නoගිත් ක්ලාස් ඇරිල යනව 


"ආ අයියා......... ඊක්කා"

කියාගෙන දිව්ව

මම බැලුව මොකදෑ මේ කියල..... වට පිටේ අවුලකුත් නෑ අනේ මන්ද මුන්ට ලූස් 
සරම කැහැපොට ගහ ගන්න ඕනි කියල හිතපු මම සරමෙ යටි කොන අල්ලගන්න පාත් උනා 
කෙලා ජොරේ නේද පුතා... යකෝ මම ඇඳගෙන උන්නු  සරමෙන් හූනට ගහල එලියට ඇවිල්ල තියෙන්නෙ අනෙ අම්මියෝ හරි සෝක්.......... කුමර බඹසර ඉවරයි.................. විලි ලැජ්ජාව දෝතින්ම වහ ගත්තු මම ගෙට රින්ගුවෙ හෙට දවසට මූණ දෙන්නෙ කෝමද කියල හිත හිතයි 
 




Sunday, 15 September 2013

නොනිමි [හතර]




කාරයට ඇවිල්ල ඉඳගත්තු මම ආයෙත් කල්පනවට වැටුන...............
වීර............
කාරය පනගැන්වූ මා අපගේ නවතැන බලා සෙමෙන් යන්නට උනා.......
මොනව උනත් ඒ කියපු ඔක්කොම හරි.. ඒත්.........හ්ම්ම් හෙට බලමු මොකද්ද කියල වෙන්නෙ.

නවාතැනට පැමිණි මා ඇදේ දිගා උනා සගයන් පිරිස තාම නැහැ..............

" ආ..........මෙන්න මූ ඇවිල්ල"
"ඔව් බන්... උඹල නාගත්තද හොඳට"
"එන්නනෙ බන් තිබ්බෙ"
"අනේ මචන් නිකන් වචන නාස්ති කරගන්න එපා මුට ඕව කියල... කොහෙ හරි ගල් කනුවක් බදාගෙන ඉන්න ඇති මූ"

"ඒක නෙමෙයි"
"ඒ පාර මොකද්ද"
" මචන් හෙට මට උඹල එක්ක යන්න එන්න වෙන එකක් නෑ උඹල පලයල්ල"
"මෙන්නඒ පාර මොකද මුට වෙන්න එන්නෙ"
"මුකුත් නෑ උඹල මගේ වාහනෙත් අරන් පලයල්ල මම බස් එකේ එන්නම්"
"ඇයි උඹ වනවැදිල මහන වෙන්නවත් හදනවද"
"නෑ බන් ශුවර් එකට මුට තව ගල් ගොඩක් හම්බු වෙන්න ඇති"
"මම කියන එක අහපල්ලකො......පොඩි වැඩකට මම ඉන්නව උඹල පලයල්ල මම ඇවිල්ල විස්තරේ කියන්නම්"
"මන්ද බන් උඹේ වැඩ"

"හරි හරි උඹල පලයල්ල මම දවස් දෙක තුනෙන් එනව"

රාත්‍රියේදි අඳ එක්ක පොර බැදුවත් නින්ද ලඟටවත් ආවෙ නෑ...........හැම වෙලේම සිහියට ආවෙ එකම එකයි............මොකද්ද මේ පටලැවිල්ල කියන එක විතරමයි.....
පසුදා උදෑසන උනා කියල දැන ගත්තෙ සගයන් යන්න ලෑස්ති වෙන සද්දෙන් නිදි මතට තෙහෙට්ටු උනු ඇස් දෙක ඇරගන්නවත් බැරුව මම ඇදේම උන්න.....සගයන් පිටවෙලා ගියාද නැද්ද දන්නෙත් නැතුව මාව හීන ලෝකෙට පාවෙලා ගියා..............

මගේ වටේ අස්සයො දුවනව.........මහ ඇතෙක් කුන්චනාදෙ කරනව............මුහුණ අදුන ගන්න බැරි පිරිසක් කඩිමුඩියෙ වැඩ වගයක් කරණව ඒව පැහැදිලි නෑ...... මම තදින් ඇස් පියාගත්ත.........................

Sunday, 8 September 2013

පැතුම


සඳුට පෙම්කල
බවත් හැබැවැයි
බොහොම දුර බව
දැන දැනත්
මම....
අමාවක රෑ
පවා සෙව්වා
සුපුන් සඳවත
නොදන්නා ලෙස....

 

 
සුළඟ සමගින්
හමායන බව
දැන දැනත්
පෙම් කල අපූරුව
 නොදන්නාසේ
නුඹත් සිටියා
මගේ ආදරෙ
මිහිර විඳ විඳ.......

හිත උඩින් මහබරක් තියලා
මටත් නොකියා ගිය අපූරුව
තවම මම මග බලා ඉන්නව
දකින්නට නුඹෙ
සිනහ උවනත...............

Thursday, 5 September 2013

සෙනෙහස

 
 
වින්ද සෙනෙහස හද පුරෝගෙන
ඉන්නෙ කෙලෙසද තනිවෙලා
නුඹත් නැතුවුනු මගේ ලෝකයෙ
ලසෝ තැවුලන් ඉහිරිලා
හඬන්නට මට නොහැක වස්තුව
නවතලන්නට බැරි නිසා
මගෙන් ඉවතට ගියා නුඹ මට
කඳුළු බින්දුවෙ බර තියා

ලන්ව ඉන්නට සිහිනෙනුත් මම
පැතූ පැතුමන් වැඩි නිසා
හදාගන්නට නොහැකි තරමට
මගේ හදවත පෑරිලා
නික්ම මාගෙන් ගියත් නුඹ අද
මගේ හදවත හැරදමා
නුඹම වෙනුවෙන් හදවතේ ඉඩ
තියෙනවා මිය යනතුරා

Monday, 2 September 2013

නොනිමි [තුන]




මේ ඇත්තටම මොකද්ද වෙන්නෙ...........මට තේරුනේ මම හරියට වෙන ලෝකෙක ඉන්නවා වගේ............

මෙච්චර කල් කතා කරන්න බලා හිටපු ඒ පුරුදු ඒත් කව්ද කියල නොදන්න රුව මගේ ඉදිරියෙ...........
සුපුරුදු ශාන්ත ස්වභාවය එහෙන්මමයි........මට එක පාරටම නැගිට්ටුනා.........

" නෑ කිසිම අවහිරයක් නෑ" වචන පැටෙලෙන්න උනා
"ඔබ දන්නවද මම ඔබ ගැන හුඟාක් කල් ඉඳන් විපරමින් හිටියෙ"
"මට දැනුන ඒක.........ඔබතුමාව හුරු බවකුත් කොහේදි හරි දැකල තියෙන බවකුත් මතකයි වගේ ඒත් හරියටම නිච්චියක් නෑ"

"හ්ම්ම්ම්........ඒ ගොඩක් දුරකදි අපි හමු උන නිසා වෙන්න ඇති"
"මට තේරුනේ නෑ"
"මම මේ කල්පනා කලේ ඔබට කෙලෙසින් අමතන්නද කියල "
ඔහු අහස දෙස බල ඉන්නට උනා

මේ වෙන්නෙ මොකද්ද මට හිතාගන්න බෑ.......මමත් ඔහේ බලාන ඉන්නව මගේ පාලනය මට නැතුව වාගේ හිත එකලස් කරගන්න මම උත්සාහ කලා.............
මේ හීනයක්ද කියලත් හිතෙනව........ඒත් අනේ මන්ද

"හ්ම්ම්ම්......මපි මෙහෙම පටන් ගම්මු.......මම ධීර...........ඔබ වීර"


වීර???????? මොන වීරකමක්ද මගේ උගුර කට වේලිලා වගේ මට දැනුන..........අයාසයෙන් වටපිට බලනකොට,

"මට තේරෙනව වීර ඔබට මේක ප්‍රෙහේලිකාවක්........අපි මේ ප්‍රෙහෙලිකාව විසඳමු ටිකෙන් ටික"


"ඇත්තමයි මට මේව හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ ඔබ ඇවිල්ල කියනව මම වීරලු, ඔබ ධීරලු, මට මේක තේරුම් කරල දෙනවද කරුණාකරල"

"ඔව් වීර මම එකෙනෙක පහදල දෙන්නම්........පිලිවෙලකට"

ඔහු සෙමෙන් ඉදිරියට ඇදෙන්නට උනා මමත් කන්දමක් පස්සෙ යන යකඩ කෑල්ල වගේ ආයාසයකින් තොරව ඔහු යන දිහාවට යන්න උනා...............
ඔහු නැවතුනේ රුවන්වැලි සෑයෙ පාදම ලඟ..................

"ඔබට මේක මතකද"


"ඔව් මම මම අනුරාධපුරේ ආවොතින් රුවන්වැලි සෑයට එනවම තමයි"

"නැහැ වීර ඔබ මතක් කල ගත යුතු කාරනා බොහෝමයි"

මට හිතාගන්න බෑ මොනවා කියනවද කියල මටත් මොනවා වෙලාද කියල ඒත් මට ඔහුගේ හුරු බවක් කටහඬේ හුරු බවක් අනිවාර්යෙන්ම දැනෙනව...........

"ඔබගේ මොලයට වෙහෙසක් නැතිනම් අපි කෙලින්ම විස්තරයට යමු වීර"

"මමත් ඒකට කැමතියි මට වෙහෙසක් නෑ"

"ඔබට මේ අනුරපුරේ ලෙන්ගතු බවක් දැනෙනවා නේද?........හුරුපුරුදු බවක්.........තමුන්ගේම හැඟීමක්............මේ ගල්කණු..........ගල් කැටයම්.......ස්වර්ණමලී සෑය...........ඔබගේම වගේ හැඟීමක්........ මම දුටුවා ඔබ ලෝවාමහාපාය ගාව කල් ගෙවනව එය තමුන්ගෙ නිවස වගේ දැනුන නොවේද?...... ඔබ හිතුවද ඇයි ඔබ අනුරපුරේ එන හැම වාරයකම වාගේ මල්වතු ඔය අසබඩට යන්නෙ ඇයි කියල...........එහි ගස් ගල් අතගාමින් කාලය ගෙවන්නෙ කියල.....නෑ නේද වීර.......... ඔය හැම එකම හේතු තියෙනව..........ඔබට ඒ හේතු ගලපගන්න බෑ වීර....... මා මෙතෙක් කල් බලා හිටියෙත් මේ මොහොත උදා වෙනකම්මයි"

මොහොතකට ඔහු කල්පනාවට වැටුන.........
මට හිතාගන්නත් බෑ හැම දෙයක්ම ඒ විදිහිටම මෙයා කියන්නෙ කොහොමද.......... මේක හීනයක් ඇත්තටම හීනයක්......... මම හොරෙන් කකුලක් කොනිත්ත ගත්ත.............

මේක කොහොමද මම ගලපගන්නෙ..............

මට අනුරාධපුරේ එන්න හිතෙනව පෝය දෙකකට කලින්, මේ ඉස්සරහ ඉන්න රූපෙ එදා ඉස්සෙල්ලාම දකිනව, ඊලඟ පෝයටත් මම අනුරාධපුරේ පුරුදු විදිහට ආයෙත් ඒ රූපෙ..............අද මා එක්ක ඒ රූපෙ විස්තරයක් කියනව..............

මම ආයෙත් ඒ රූ පෙ දිහා හොඳින් බැලුව,
ඔලුව පිටිපස්සට වෙන්න ගැට ගහල තියෙන කොන්ඩෙ, උසට හරියන මහත ශක්තිමත් බාහු,තදින් වැහුනු හකු......පලල් නලළ, තීක්ශණ ඇස්.......
කොහොමද මේ රූපෙ මට හුරු?????????? මම ඔහු ලඟින් නැගිට්ට ඒ හිතේ නොසන්සුන් කමත් එක්ක.........................පියවර කීපයක් එහා මෙහා ඇවිදින්න ගත්තෙ නොසන්සුන් කම පහවෙයි කියල හිතාගෙන.........රුවන් වැලි සෑය පැත්තෙන් හදුන්කූරු සුවඳක් ආව...........

"ඔබ නොසන්සුන් වෙලා........මම දන්නව....ඔබට මුල ඉඳන් විස්තරේ කියන්න වෙනව........... වීර අපි හෙට උදේට මෙතනදි හමු වෙමු......... ඔබ සන්සුන් වෙන්න"

මම හැරිල බලද්දිත් ඒ රූපෙ පාරෙ ඈත කොනින් පිටමන් වෙනව..............

වීර..............

මම සමෙන් කාරය ලඟට පිය මැන්න......................

Tuesday, 27 August 2013

නොනිමි [දෙක]




"නැගී සිටින්න"

ඒ හඬ ලෙන්ගතුයි, ගාම්බීරයි............ මම වටපිට බැලුව වටේටම තියෙන්නෙ එක යායට තියෙන ගස් විතරයි...........ඒත් ඒ හඬ හුරු පුරුදුයි.......
හෙමීට උන් තැනින් නැගිට ගත්තු මම සෙමෙන් කාමරයට පිය මැන්න අයෙත් අර නිරුවත් දෙපයට වදින අකුනු සැරය හිස් මුදුන දක්වාම පැතිර ගියා..................

පසුවදා පාන්දරින්ම මම ආයෙත් ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුවට.........ඒ අර ශාන්ත රුව දකින්නට හිතාගෙන අවිනිශ්චිත හැඟීමකින්...................සුපුරුදු ඒත් කව්ද කියා නොදන්නා ඒ රුව පෙරදා වාගේම ශාන්තව නිවී සැනසිල්ලෙ බවුන් වඩනව...........


මම හෙමීට හැරිල ලෝවාමහ පාය අසලට ගියා........සත්පාරක් ගිලිල මහල් හත්කින් සමන් විත උනා කියල ඉතිහාසයේ කියවෙන ගල් කණු රැසකින් වට වුනු ලෝවා මහාපාය.........මම කොච්චර බැලුවත් එපා නොවෙන තැන්...................

ආයෙත් බැලුවහම ඒ ශාන්ත රුව පේන්නවත් නෑ.............හිත හදාගෙන රුවන් වැලි සෑයට යන්න ඕනි කියන හිතුවිල්ලත් එක්කම මම වාහනේට ආව

ඒ එනකොටත් ජoගම දුරකතනය කෑ ගහනව

"උඹල නැගිට්ටද මචන්"


"නැගිට්ටද?; කොහෙද බූතයො නොකිය යන්නෙ තනියම, කොහෙද උඹ ඉන්නෙ"


" හරි හරි මම මේ රුවන් වැලි සෑයට යනව උඹල එන්නෙ නෑනෙ ඒකයි මම තනියම ආවෙ අනික මේ අනුරාධපුරේ මට මොන තනියක්ද බන් ගෙදර වගේ"


" ඉක්මනට වරෙන් පරක්කු උනොත් අපි යනව තිස්ස වැවට නාන්න"


"උඹල පලයල්ල "


"හ්ම්ම් යන තැනක පරිස්සමෙන්"

ජoගම දුරකතනය ක්‍රියාවිරහිත කල මම වාහනේත් අරන් රුවන් වැලි සෑය කා පාක් එකට ආව.......

රුවන් වැලි සෑ රජුන් වන්දනා මාන කරගත්තු මම පොඩ්ඩක් වටේ ඇවිදින්න කියල හිතාගෙන වාහනේ තියල එලියට ආව................

නටඹුන් දකිද්දි ඉස්සර කොයි තරම් ලස්සනට මේ පැත්ත තියෙන්න ඇතිද කියල හිතෙන්ව...... සෙන්පතියන් පිට උඩ තියාගෙන අස්සයො මේ පරවල් දිගේ දුවන්න ඇති.........ඇස් දෙක පියාගත්තහම ලස්සන චිත්‍රයක් වගේ ඒ ටික මගේ හිතේ ඇඳෙන්න ගත්ත ජීවමාන විදිහටම.............

ඒ ලස්සන චිත්‍රයත් ඇහේ රඳෝගෙනම මම මයිල ගහක් යටින් වාඩි උනා............ ඇඟට දැනෙන සුවබර කම මට මීට කලින් දැනිලම නෑ............මම තව තවත් ඇස් පියාගෙන ඒ චිත්‍රයෙ රස විඳින්න ගත්ත...................
අස්සයන්ගෙ ටකස් ටොකොස් සද්දෙ ම්ගේ කන ලඟින්ම ඇහෙනව හස්ති රාජයෙක් කුන්චනාද කරනව ඈතින් ඇහෙනව..............මම මේ චිත්‍රයට ලෝබ කලා ගොඩාක්ම...............කවුරුන් හෝ ලඟට එන බවක් දැනුන ඒ හැබැහින්ද නැත්නම් මේ චිත්‍රයෙන්ද.............හිතාගන්න බෑ ඒත් මම ඇස් දෙක පියාගෙනම හිටිය.......

ඒත් අර එදා ඇහුනු ලෙන්ගතු ගාම්බීර කට හඬ ආයෙත් ඇහෙන්න ගත්ත..........

"අවසර......... සමාවෙන්න හිරි හැරයක් උනානම්"

ඇස් දෙක ඇරිය නෙමෙයි ඉබේ ඇරුන............
දැක්ක දෙයින් මම ගල් ගැහුන...........

Sunday, 25 August 2013

මිසිස් පෙරේරා

මටත් පොඩි කතාවක් දන්න කියල හිතුන...... පොඩියක් නැවතිලා කියෝල කොරල පොඩියට කොමෙන්ටුවක් දාල කොරල යනවනම් පක්සියත් සතුටුයිලු.......

මෙන්න මෙහෙමලු වෙලා තිබ්බෙ....... ඔය කට්ටියම අහගනිල්ල ඈ අන්තිමට ඇහුනෙ නෑ....... මොකද්ද කියල අහන්න එපා හරිය.......

ඔන්න සුමනදාස මහත්තය වැඩ කොලේ කොළඹ රටේ ඔපීසියක..... දවසක අපේ සුමනදාස මහතුන්ට සිද්ද උනා පොරගෙ පොඩි එකාව ඔපීසියට ගෙනියන්න...........මොනා කොරන්නද බැන්දහම ඔහොම තමයිනෙ ඈ.........(දැන් මචo එහෙම බෑනෙ පවුල් වෙලා මo)  කෝම හරි පොඩි එකත් හරි හුරතල් හාදය..... 

සුපෙම්වතුනි ඔය පලවෙනි රූප රාමුවෙන් පේන්නේ අපේ සුමනදාස මහතුන්ගේ හුරතල් පුත්‍ර රත්නයයි.....................
කෝම හරි ඔය ඔපීසි වල ඉන්නවනෙ අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනයන් අන්න ඒම කෙනෙක්..... ඉතින් හිටාල්ලකො රූප රාමුව පෙන්නන්නම් එතකොට අඟර දඟර කියන්නෙ මොකද්ද කියල බලාගන්න පුලුවන් ඉඳගෙන............... කලබොලේනෙ මොකක්වත් කොරගන්න බෑ..................

දෙවන රූප රාමුවෙන් ඒ  අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනය නිරූපනය වේ... ඇය නමින් පෙරේරා නම් වන්නීය



කෝම හරි මේ හුරතල් පුතාව දැක්ක ගමන් කොලුව ලඟට ආපු පෙරේරා ඇන්ටි...... කොලුව කිව්වෙ පොඩි එකා බොලව් සුමනදාස මහතුන් නෙවී

"හානේ.........සෝයි තූති බබෙක්, බබාගෙ නම මුකක්ද?, තත්තලන් කියන්නකෝ තූති බබාට මොනාද කන්න ඕනි"

බබා නිකන් හොල්මන්ද පොල්කොළ වගේ බලාගෙන ඉන්නවලු..............

"කීන්නකෝ බබාට තොකලත් ඕනිද, නැත්නම් රතම රත තොපි ගෙනල්ල දෙන්නද අයිත් ක්‍රීන් නැත්නම් මොනාද ඕනී"

බබා නිකන් හත්තිලව්වට ගහපු කලාබරේ වගේ ඇස් දෙකත් මේම කොරන් බලාගෙන ඉන්නවලු පෙරේරා ඇන්ටි දිහා.............


"බබාට කක්කන් ගෙඩියක් ගෙනල්ල දෙන්නද, බබ්ම ජෝ එක්ක"

කොලුව ඔහේ මොකාද වගේ ඉන්න නිසා පෙරේරා අක්ක සුමනෙට කියනවලු 

"අනේ මිස්ටර් සුමනදාස පොඩි බබාට හරියට කතාකරගන්න බෑ වගේ නේද" 

අන්න එතනදී සුපෙම්වතුනි 

"මට නෙමේනෙ ඇන්ටිටනෙ හරියට කතාකරගන්න බැරි"

කියන පොඩි එකාගේ හුරතල් වදනත් එක්කම අපේ පෙරේරා අක්ක තිබ්බ ඇඳුමත් ගලෝගෙන වාස්ප උනාලු වටෙන්ම ආපු මහලොකු හිනාවත් එක්කම

මොරාල් ඔප් ද කතාව

පොඩි උන් එක්ක ටෝක් කොරන කොට බලාගෙන...........





Friday, 23 August 2013

නොනිමි (පළමු කොටස )

            බෝ පත් අතරින් ලස්සනට හද පායල............හරිම පින් පාටයි..... මම හැමදාම ආස කල බෝ පත් සිලි සිලිය මට වෙනදාටත් වඩා දැනෙනව කියලයි මට හිතුනෙ.............බෝ මළුවෙන් හමා එන හඳුන් කූරු සුවඳ තෙල් වලින් එන සුවඳට මම ඇලුම් කලා කවදත්..
ඒ අතරින් ගිය පෝයදා මම දැක්ක ඒ ශාන්ත රුව ආයෙත් මගෙ ඉදිරියෙ..........
එදා වාගෙමයි මට තාමත් හිතාගන්න බෑ කොහේ හෝ දැකල පුරුදු ගතියක්,සමීප බවක් දැනුනට, කොහොමද මම එක පාරටම කතා කරන්නෙ................ බවුන් වඩන ඒ රුව දෙස මා බලාගෙන උන්න ටික වෙලාවක්..........තැත්තටම මේ කව්ද?
මමත් සුපුරුදු විදිහටම ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ ගේ සෙවන යට සුපුරුදු තැනම වාඩි උනා......
ඒ බවුන් වඩන රුව නොපෙනෙන්න කියල හිතාගෙන ඒත් ආයෙත් මට හැරිල බලන්න හිතුන.....
සුපුරුදු ශානත් ආකාරයෙන්ම දැහැන් ගත වෙලා...ගිය පෝය දා වාගේ මයි...........

හිත එකල්ස් කරගන්න උත්සාහ කරගෙන මමත් හෙමීට ඇස් පියාගත්ත ඒත් මට පෙනෙන්න ගත්තෙ ඒ රුව.....
මම ආයෙත් හැරිල බැලුව ඒ ශාන්ත රුව අතුරුදහන් වෙලා.....................




හිත සැහැල්ලු කරගෙන භාවනාවක යෙදුනු මා නැවතී උන් නිකේතනයට පැමිනියත් මට වද දුන්නේම ඒ ශාන්ත රූපයමයි.........මේ කව්ද??????????

නින්දකට ඉඩහසර නැති මගේ ඇස් දෙකත් ඇරගෙන මම එලියෙන් වාඩිඋනා මේ පරිසරය නිස්කලන්ක බව මට කොච්චර සමීපද, නිරුවත් දෙපයෙන් ඇවිදිනකොට පතුලෙන් හිස්මුදුන වෙනකම්ම අමුතු හැඟීමක්.......... අනුරාධපුරය මම හැමදාම කල්පනා කරපු තැනක්.........මේ වැව්, විශේෂයෙන් මල්වතු ඔය මට මගේම කියන හැඟීමක් ගේනව මට මේව හරිම පුරුදුයි............. ඒත් ...........උත්තරයක් නැති ප්‍රශ්නයක්

වත්තෙ ගහකට පිටදුන් මට විනාඩි කීපයකට නින්ද ගිහිල්ල ඒත් එක පාරම අවදි වුනු මා ඒ ඇසුනු හඬ ගැන කල්පනා කෙරුව...............
 

__________මතු සම්බන්දයි ________

Wednesday, 21 August 2013

තනුව හොයමින් තාම දඟලන මමයි තාමත් කෝඩු සමනල

ඇස් අගිස්සෙන්
බලන බැල්මට
නැවතුනා සත්තයි
මගේ හිත....
සුළඟ සමගින් නටන 
කියඹු වැල
කිව්වෙ මාහට ලඟට එන්නට...
කෝපි මල් වැනි සිනහ පොදකට
හිර උනා මගෙ යොවුන් හදවත
ඇවිද යන්නට අනන්තය වෙත
දෙනවාද ඔබෙ දිගැටි රතැඟිල්ල....
හීන පුරවන දෑස අද්දර
නුඹයි මාගේ සොදුරු කවිකම
තනුව හොයමින් තාම දඟලන
මමයි තාමත් කෝඩු සමනල