Sunday 25 August 2013

මිසිස් පෙරේරා

මටත් පොඩි කතාවක් දන්න කියල හිතුන...... පොඩියක් නැවතිලා කියෝල කොරල පොඩියට කොමෙන්ටුවක් දාල කොරල යනවනම් පක්සියත් සතුටුයිලු.......

මෙන්න මෙහෙමලු වෙලා තිබ්බෙ....... ඔය කට්ටියම අහගනිල්ල ඈ අන්තිමට ඇහුනෙ නෑ....... මොකද්ද කියල අහන්න එපා හරිය.......

ඔන්න සුමනදාස මහත්තය වැඩ කොලේ කොළඹ රටේ ඔපීසියක..... දවසක අපේ සුමනදාස මහතුන්ට සිද්ද උනා පොරගෙ පොඩි එකාව ඔපීසියට ගෙනියන්න...........මොනා කොරන්නද බැන්දහම ඔහොම තමයිනෙ ඈ.........(දැන් මචo එහෙම බෑනෙ පවුල් වෙලා මo)  කෝම හරි පොඩි එකත් හරි හුරතල් හාදය..... 

සුපෙම්වතුනි ඔය පලවෙනි රූප රාමුවෙන් පේන්නේ අපේ සුමනදාස මහතුන්ගේ හුරතල් පුත්‍ර රත්නයයි.....................
කෝම හරි ඔය ඔපීසි වල ඉන්නවනෙ අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනයන් අන්න ඒම කෙනෙක්..... ඉතින් හිටාල්ලකො රූප රාමුව පෙන්නන්නම් එතකොට අඟර දඟර කියන්නෙ මොකද්ද කියල බලාගන්න පුලුවන් ඉඳගෙන............... කලබොලේනෙ මොකක්වත් කොරගන්න බෑ..................

දෙවන රූප රාමුවෙන් ඒ  අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනය නිරූපනය වේ... ඇය නමින් පෙරේරා නම් වන්නීය



කෝම හරි මේ හුරතල් පුතාව දැක්ක ගමන් කොලුව ලඟට ආපු පෙරේරා ඇන්ටි...... කොලුව කිව්වෙ පොඩි එකා බොලව් සුමනදාස මහතුන් නෙවී

"හානේ.........සෝයි තූති බබෙක්, බබාගෙ නම මුකක්ද?, තත්තලන් කියන්නකෝ තූති බබාට මොනාද කන්න ඕනි"

බබා නිකන් හොල්මන්ද පොල්කොළ වගේ බලාගෙන ඉන්නවලු..............

"කීන්නකෝ බබාට තොකලත් ඕනිද, නැත්නම් රතම රත තොපි ගෙනල්ල දෙන්නද අයිත් ක්‍රීන් නැත්නම් මොනාද ඕනී"

බබා නිකන් හත්තිලව්වට ගහපු කලාබරේ වගේ ඇස් දෙකත් මේම කොරන් බලාගෙන ඉන්නවලු පෙරේරා ඇන්ටි දිහා.............


"බබාට කක්කන් ගෙඩියක් ගෙනල්ල දෙන්නද, බබ්ම ජෝ එක්ක"

කොලුව ඔහේ මොකාද වගේ ඉන්න නිසා පෙරේරා අක්ක සුමනෙට කියනවලු 

"අනේ මිස්ටර් සුමනදාස පොඩි බබාට හරියට කතාකරගන්න බෑ වගේ නේද" 

අන්න එතනදී සුපෙම්වතුනි 

"මට නෙමේනෙ ඇන්ටිටනෙ හරියට කතාකරගන්න බැරි"

කියන පොඩි එකාගේ හුරතල් වදනත් එක්කම අපේ පෙරේරා අක්ක තිබ්බ ඇඳුමත් ගලෝගෙන වාස්ප උනාලු වටෙන්ම ආපු මහලොකු හිනාවත් එක්කම

මොරාල් ඔප් ද කතාව

පොඩි උන් එක්ක ටෝක් කොරන කොට බලාගෙන...........





6 comments:

  1. පව් පෙරේරා නෝනට. මේකේ කමෙන්ට් එම්බෙඩඩ් විව් එක දාන්න එතකොට ලේසියි වටේ නොයා කරන්න පුළුවන්

    ReplyDelete
  2. තාම ඇල් බෝඩ් දේශක මහත්තයො හොයාගෙන යනව පොඩ්ඩ පොඩ්ඩ ඈ ඉඳගෙන බෝම ස්තූතියි උපදෙසට ඈ

    ReplyDelete
  3. උයා ලත්තනට තතාව ලීවා. මමත් ආතයි . උම්මා තොතක් දෙන්න තිතෙනවා. උම්මාආස්ස්ස්ස්ස්ස්
    ජය වේවා

    ReplyDelete