Wednesday 21 August 2013

තනුව හොයමින් තාම දඟලන මමයි තාමත් කෝඩු සමනල

ඇස් අගිස්සෙන්
බලන බැල්මට
නැවතුනා සත්තයි
මගේ හිත....
සුළඟ සමගින් නටන 
කියඹු වැල
කිව්වෙ මාහට ලඟට එන්නට...
කෝපි මල් වැනි සිනහ පොදකට
හිර උනා මගෙ යොවුන් හදවත
ඇවිද යන්නට අනන්තය වෙත
දෙනවාද ඔබෙ දිගැටි රතැඟිල්ල....
හීන පුරවන දෑස අද්දර
නුඹයි මාගේ සොදුරු කවිකම
තනුව හොයමින් තාම දඟලන
මමයි තාමත් කෝඩු සමනල

4 comments:

  1. ජයවේවා....

    ලස්සනට ගොතලා තියෙනවා... සුභ පැතුම් මගෙන්....

    ReplyDelete
  2. පක්ෂියාගේ මනස හා වල් කොල්ලෙක්ගේ මනස
    ---------------------------------------------------------
    ඇස් අග්ගිස්සෙන් බලන්නේ වල් බැල්ම ....
    හිත නැවතෙන්නේ වටකුරු උන පස්ස ළඟ .......
    සුලඟ සමග නටනා කල ඔබේ නිතඹ .....
    හද කිති නෙමේ ක්ලේමෝ පුපුරනවා නිතර ........

    ජය වේවා චින්කෝ , සුබ පැතුම් එකෙන්ම
    ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. නියමයි ඈ වල් හිත

      Delete