Thursday 22 January 2015

බාබෙද්දා.............................





පෙන බිඳු නැගෙනා වීදුරුව
මා ඉස්සරහා හිනා වෙනකොට
කවුලුවෙන් එහා
මහ මූසල රාත්‍රිය
බලා ඉන්නවා ගිල ගන්න මාව......
යන්නට හිතුනත් නැගිට
මාගේ නිවහන වෙත
හිතුවත් මට බෑ දෙපා වාරු නැත
මටම අකීකරු මගේ දෙපා යුග
ඔහේ වදිනවා මේස කකුල් වල
එල්ලී බිත්තියේ වාහනය ලඟ
ඒත් හොයනවා කෝ මගෙ වාහනය
වොචර් කාරයා ඇරලා දොර
මාව ඉන්දනවා සීට් එක උඩ
මාතලී නැගෙනවා මගේ හිස උඩ
සක්‍රයා නෑ පේන්නට මට.......
සුදු ඉරි මාමලා දෙඇස් උරුක් කොට
කඩන්නට හදන්නේ මගෙනුත් ගාන
ඒවා කොහේදැයි මාත් එක්ක අද
යනවා හොයාගෙන කෑලේ පාරෙන් මම
අල්ලියි මාමලා නැට්ටෙන් අද
කම්බි කොට කැඩුනත් වටේ වැටවල් වල  
මම හෙන පරිස්සමට මගේ ගෙදර ඇත
පසුදා ඒ පාරෙම හෙමින් ගොස් මම
හෙමිහිට බලනවා වෙලා ඇති දෙය
සිදුවී ඇති හත්තිල්ලව්වට
මම මක් කොරන්නදැයි 
අයේ  හිතන්නට ඕනේ නිසාම
නැවත ඇදෙනවා බාර් එකට මම.................

4 comments:

  1. පොලිස් මාමලා දැක්කම ඩෝප් බහිනවා. ආපහු බාර් ඒකට යනවා. එනකොට පොලීසිය .... හපොයි

    ReplyDelete
    Replies
    1. සෝට් කට් එකෙං ගෙදර යනව අන්න ඒකයි

      Delete
  2. නියමයි අයියා ලියන්න අරන්

    ReplyDelete
    Replies
    1. ලියන්නත් වෙලාව එපෑ අෆ්ෆා ඉඳගෙන අන්න ඒකයි නැත්තෙ

      Delete