Friday 16 January 2015

මගේ හිත.............


සීත සුළඟට වේලි වේලී
සෙව්වෙමී මම නුඹෙ සුසුමන්
ඈත ඉමවෙත ගියදා පටන්
නොදැක්කෙමී නුඹෙ සොඳුරු දසුනක්

හීන ගුලිකර ඉවතලන්නට 
නොහැකි හන්දා තවත් පාරක්
ඔහේ මම අද බලා ඉන්නම් 
මහැරදා ගිය තැනේ තනියෙන්
නූඹම ඇවිදින් නුඹම යනකොට
කෙලෙස කියමිද නුඹට වරදක්
නුඹට පෙම්කල මගේ හිත දැන් 
සොයනවා නුඹ ඇද්ද කොහෙවත්
දකින නොදකින තැනක හිඳ ගෙන
ඉන්නවා නුඹ හිතේ තාමත් 
සිනහවෙනු මැන සදාකාලෙට
දුක එවනු මැන මවෙත රහසින්
සඳේ තනියට විසුල තරුකැට
දහස් ගානක් පිපී ඇතිමුත්
මගේ තනියට උන්නු සදවත

බැසගියා දැන් මගේ අහසින්
ඒත් සඳ දෙස බලා සැනහෙමි 
අයිති නැති බව දැන දැනත් මං
නුඹට අවසර එකලු කරනට
නුඹට හිමිවූ නැවුම් අහසක්......................


2 comments:

  1. අගෙයි පක්සියා............ නියම කවියක්

    ReplyDelete