Wednesday 21 January 2015

ස්වභාවධර්මය සහ මම..........................

වැඩ ගොඩක් අස්සේ උනත් මොනවා හරි කුරුටු ගෑමේ අමාරුවක් ඉස්සර සිටම මට තිබුනේය දැං ඒක මේවගේ කොම්පීතරයක් ඉස්සරහ වාඩිවී අකුරු කෙටීම දක්වා ඉහල ගොස් ඇත.... ඒම කලේ නැත්නං ඇඟිලි රිදෙනවා වාගේය........... හරි 

෴෴෴෴ ස්වභාවධර්මය සහ මම ෴෴෴෴

උදේම නැගිට්ටේ වෙනදා වගේ ඉලෙක්ට්‍රොනික් කුකුලාගේ හැඬලීමත් එක්කය.... උගේ බෙල්ල මිරිකා ආයේ අනික් පැත්තට හැරුණත් මේකා ආයේ හැඬලුවේය................ කියන්නට තියෙන්නේ අපේ පැත්තේ එක කුකුලෙක්වත් දැං නැත... ඒත් අල්ලපු ගෙදර අයියාට ගමේ උන් කුකුලා කියන්නේය.... මට නං උගේ කරමලක් පිහාට්ටක් තියා පොරකටුවක් වත් පෙනෙන්නට නැත.... අඩු ගානේ ෆාම් එකක්වත් අහලක පහලක නැත....... මේ ඉලෙක්ට්‍රොනික් කුකුලා නොකියා ෆෝන් එක අස්සේ ඉන්නා එකාය.... ඌ කොහේ ඉන්නවාද මම දන්නේ නැත ඒත් ඌ හඬලන්නේය....... ෆෝන් එක කෑලි ගලවා සෙව්වත් ඌව හමු උනේ නැත.........
ඇදේ සිටම ස්වභාවධර්මය හා එක් වන්නේ එහෙමය.....  කිසිම ලෝභ කමක් නැතුව පරිසරයෙන් ලැබෙන, ඒත් අපගේ ඔලමොට්ටල, පඩත්තල කම නිසා සත 5කට නොසලකා හැරියත් විනාඩි කීපයක් නැතුව ඉන්නට බැරි ඔක්සිජන් වාතයෙන් පෙනහලු පුරවාගන්නේ ඒ වෙලාවේ හිතා මතාය..... ඉඳ හිට කුණුගඳක් දැනෙනවාය ඒක වෙනම කතාවකි......

දනි පනි ගා සරීරකෘතයන් ඉවර කරගෙන ඇඳුම් ඇදීමට පටන් ගන්නකොටම වවුලෙක් සොයා ගැනීමට අල්මාරිය අස්සට එබෙන්නට ඕනෑය..... ස්වභාවධර්මය මතක් වෙන්නේය......



වැඩට යාමට එලියට බසිනකොට,

"ඔය මොකෝ ඔය ඔලුව නිකං ඉත්තෑවෙක් වගේ"


ස්වභාවධර්මය ඕං එතනටත් ගෑවී ඇත........

වාහනය නැගගෙන සුක්කානම් වන්දනාව කර රිය පණගැන්වූ විගස දැක්කේ වින්ස්ක්‍රීනය මත සහවාසයේ යෙදී ඉන්නා මැස්සන් යුවලකි......... හයියෝ එක්කෝ උන් පැනි හදේ ඉන්නා උන්ය ... නැත්නම් හොර කපල් එකකි....... පොටෝ ගන්නට බැරිය ඒ ප්‍රසිද්දියේ කලත් උන්ගේ පුද්ගලික වැඩකි..... ඒ පොටෝ මේකේ දමා ඒ කපල් එකේ නෑදෑයෙක් ඒක දැක්කානම් මට වෙන්නේ පොලෝසි යන්නය අම්මෝ බැරිය.... මොක උනත් උන්ට උන්ගේ මෙව්ව එක කර ගන්නට ඉඩදී සෙමෙන් වාහනය එලවීමට පටන් ගත්තෙමි........ 




මෙන්න බොලේ මෝටර් සයිකල් සූරයෙක් හෙල්මට් එකේ වයිසරය ඔසවා,

"ඉබ්බෙක් වගේ යනවනං අයිං කරන් යන්න"  කියා කෑ ගැසුවේය 

ස්වභාවධර්මය ඒකා එතනටත් ගාවා ගත්තේය........




ඈතින් එන බස් රථයේ පා පුවරුවේ එල්ලී යන සෙනග වඳුරන් වගේය ඒ මිනිසුන් මාර දුකක් විඳගෙන පා පුවරුවේ ඉල්ලී යන්නෝය....... 



ස්වභාවධර්මය............

මම ඔහොම හෙමින්හෙමින් යද්දී අනේ අර මැස්සා සහ මැස්සී ( ඒම වෙන්න ඕනි) දෙන්නා තාමත් මෙව්වා කරමින් ඉන්නෝය..... ඒ අස්සේ තුන් රෝද සූරයෙක් නයා වෙට්ටුවක් දාගෙන ගියේය........ මගේ ඇඟේ මාලු නටන්නට පටන් ගත්තේය.......... මට මල පැන්නේය.........

එතනත් ස්වභාවධර්මෙ 

මමත් වාහනේ හැටට හැටේ ගොස් තුන් රෝද සූරයාට කිට්ටු කර

"කොහෙද මී හරකො යන්නේ........ කල්පනාවෙන් යනව බූරුවෙක් නොවී" කියා හෙන ආදරයෙන් කිව්වෙමි.....

ඌ ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවා වාගේ බලා උන්නේය

ස්වභාවධර්මය............

මලලසේකරය මැස්සන් කපල් එක නැත උන් අස්ථානගතවී ඇත මොක උනාදැයි දන්නේ නැත...... ඉතිං මම මක් කොරන්නද...... තුන් රෝද සූරයා ආවේ නැත්නම් උන් සැපසේ ඉන්නට ඉඩ තිබුනේය කෝම හරි උන් හිටියේ නැත........

නමුත් ස්වභාවධර්මය අපගේ සියලු ක්‍රියාවන් හා බැඳි පවතී..... කොමපණ අප එය ඈත් කරන්නට වලි කෑවත් එය අපට කිරීකට නොහැක..... නමුත් අපි ස්වභාවධර්මයේ ගොඩාක් සම්පත් කාබාසිනියා කරමින් සිටුමු..... දවසක අපට වන්නේ ගස් වැල් සතා සිව්පාවා සියල්ලම ඡායා රූපයන්ගෙන් දකින්නට පමණක් විය හැක ඒ දවස උදා නොකරගනිමු..... අපේ ස්වභාවධර්මය අපි රැකගනිමු......




6 comments:

  1. අඩෝ පට්ටයි බොල. අදනේ ආවේ මේ පැත්තේ .. එළකිරි දිගටම ලියමු ඔන්න ඈ

    ReplyDelete
    Replies
    1. පැමිණීමට හා බකප් එක ලබාදීම ගැන ස්තූතියි හරිය
      ලියමු ලියමු දිගටම වෙලාව හොයාගෙන ඉදගෙන

      Delete
  2. ස්වභාව ධර්මේ අතමක කරන්න බෑනේ බොලව්...

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියො ඒත් අපේ සමාර උන් ඉන්නෙ නිකං එහෙං මෙහෙට චුත වෙලාවගේ මෙහෙං එහෙට චුත වෙන්න බලාගෙන උන්ට ස්වභාවධර්මය ගැන වැඩක් නෑ
      අන්න ඒකයි දුක ඉඳගෙන

      Delete
  3. මේක නම් මරු,, ඔක්කොම ටික කියෝගෙන ගියා ෆෝන් එකෙන් කමෙන්ට් ටික දාන්න ලැප් එක ලගට ආවා .

    ReplyDelete