අප දෙදෙනා සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ නටඹුන් නගරයෙන් මදක් ඈතට වෙන්න පිහිටා තිබුණු පන්සලක් යාබද ගල්කුලක් වෙතයි...... එහෙ මට යම් පුරුදු බවක නොදැනුනාම නොවෙයි ඒත් මම ඒ ගැන වැඩිය හිත හොදවන්න ගියේ නෑ.
ගල්කුලේ යම් ස්තානයක නැවතුනු ධීර....එහි යම් කිසි රටාවකට අත ගෙනයනවාත් සමගම කිසිඳු හඬක් නොනගාම අප ඉදිරියේ දොරටුවක් විවර උනා.
"වීර... ඔබට යම් මතකයක් හෝ ඇත්නම් මේ තමයි මාගේ වාස භවන"
"නැහැ ධීර මට එහෙම මතකයක් නෑ මෙතන මොකක් හරි පුරුදු බවක් දැනනව එච්චරයි"
"හොඳමයි වීර.... කෙසේ උවත් මේ තමයි මා විසූ ස්ථානය..අප හෙට උදයේම යමු අපගේ ගල්මඩුව බලන්න..එහිදී ඔබ දකීවි අප කල වික්‍රමයන්"
ධීර නැගිට ගොස් පහනක් දල්වා නැවත් වරක් රටාවකට අත ගල් බිත්තිය මත ගෙනයත්ම භාහිර ලෝකයත් එක්ක තිබුනු සම්භන්ධතාව නැති කරමින් ගල් දොර හඬ නොනගාම වැසී ගියා.....
"වීර ඔබට අද කොහොමත් මෙහි ලැගුම් ගන්නට බෑ එසේ උවහොත් ඔබ නැවතී ඉන්නා නිවස්නයේ පුද්ගලයන් බියවේවි...... ඔබ මදක් මෙහි සිට අතීතයට අතපොවන්නට හැකිද කියා බලන්න මම ඔබව ඔබ නැවතී ඉන්නා නිවස්නයට ගෙනයන්නම්"
හ්ම්ම්......මහලොකු ගලක්, රටාවකට අත දුවවා දොරක් හැරගන්නා පුද්ගලයෙක්, ඇරුණු දොරකින් ගල් කුලයට ඇතුලු උන විට පොඩි නිවසකට සම ස්ථානයක්...... මායාකාරී චිත්‍රපටයන්ගෙන් දකින දේ මට මගේ ඇස් දෙකටම පේනව....... මට මාවම විස්වාස කරගැනීමට අපහසුයි මා හීනයක් දකිනවාද මේ සැබෑවද?
මා හුන් තැනින් නැගිට පොඩ්ඩක් ඔබ මොබ ඇවිද්ද.....එහි වූ එක්තරා කැටයම් කල පුටුවක් දුටුමා එතැනට ගියේ ඒ ගැන බලන්නයි... හිතාගන්නට බැරි තරම් සූක්ශම කැටයම්..............එහි මා වාඩිගත්තේ කිසිත් නොසිතාමයි
"වීර...අගෙයි......ඔබ, ඔබ වෙනුවෙන්ම මාගේ නිවස්නයේ සෑදූ අසුනෙහි අසුන් ගෙන...... ඔබට මතකද වීර මා පැරදුනා ඔබට ඔය අසුන සෑදීමේදී"
"අනේ නෑ ධීර මම මේක දැක්ක නිසා වාඩි උනේ වැරදීමක් උනා නම් සමාවෙන්න"
"වීර, තමාට අයත් අසුනෙහෙ තමුන් හිඳගත් කල එහි ඇති වරද කුමක්ද....ඔය ආසනය ඔබ හැරෙන්න කිසිම කෙනෙක් අසුන් ගෙන නැහැ... ඔබට පෙනෙනවාද අර පැත්තකින් තිබෙන පාශාන කොටස්.... ඒ මාගේ හපන් කම්"
"ඉතින් ධීර එතන තියෙන්නෙ ගල් කෑලි ටිකක් විතරයිනෙ"
"අන්න ඒක තමයි වීර මා පැවසූවේ මා ඔබට පරාද උනා කියල; ඔබගේ හැකියාවෙන් මේ තරම් අපූරූ නිර්මානයක් කලාට මට එය කරගැනීමට නොහැකියි....ඔබගේ සියුම් බව ජීවය මා ලඟ නෑ වීර"
"ඉතින් මට විස්තරේ කියන්න"
"ඔව් වීර..... ඔබ මේ අනුරපුරේ දස්කම් පෙන්වා තියෙනව ඉහලින්ම, අප හෙට දිනයේ පළමුව අපගේ ගල්මඩුව බලන්න යමු එතැන තමයි කතිකාව පටන් ගැන්මට සුදුසුම තැන ප්‍රවිශ්ඨය මා අරගෙන හමාරයි..... නමුත් ඔබතුමාට සන්කේත අමතක වීම තමයි ප්‍රධානම ගැටලුව වෙන්නෙ අප බලමු"
"ඉතින් ධීර මට මේ මොනාවත් මතක නෑනෙ.... හුරු පුරුදු බවක් තියෙනව ඒ මම අනුරාධපුරේ යන එන නිසා වෙන්න ඇති"
"නැහැ වීර.... අප හෙට මලවතු ඔය අසබඩ ඔබ විසින්ම සෑදූ කිසිදා කිසිවෙකුත් නොදන්නා උමන් මාර්ඟය තුලින් අපගේ දෙවන ගල් මඩුවටත් ගොඩවිය යුතුමයි.....එහි තනිව මාහටත් යෑමට නොහැකියි මක්නිසාද යත් එහි අගුල හැරීමට අප දෙදෙනාම අවශ්‍ය නිසා"
මොනවා කියනවද කියල මට තේරෙන්නෙ නෑ.....අගුල් අරින්න මම කොහොමද අගුල් අරින්නෙ මට මුකුත්ම හිතාගන්න බෑ.. හිටපු එකේ හෙටත් බලමුකො මොකද වෙන්නෙ කියල..
"එසේනම් වීර දැන් අප සමුගත යුතුයි...ඔබ හෙට උදයේ මා හමු වන්න එවිට බොහෝ අවුල් වියැවුල් දුරුවීයාවි, ඔබට සුභ රාත්‍රියක්"
එසේ කියූ ධීර සන්සුන්ව හාන්සි උනා...මම යන්නෙ කොහොමද මහ ගලක් අස්සෙ හිරවෙලා. ඔහු නිදනව මම වටපිට බැලුව ඔහු අත් ගෙනගිය රටාව මම බලාගත්තෙත් නෑ.......
එක්වරම....පලාතම සුවඳ කරගෙන පහන් දැල්වුනා.....ඒත් එක්කම ධීර තවත් කෙනෙක් එක්ක කතාකරමින් දොර අසලට ආව....... මම බලාගෙන ඉන්නව කතා කරගන්නත් බැරුව එහෙම අපු අමුත්තා ගල් බිත්තිය මත රටාව මවන්න ගත්ත ඒ දිහා මා බලාගෙන හිටිය ඒත් එක්කම හඬ නොනගාම දොර ඇරුන මම ඉක්මනින් දොරෙන් එලියට යන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් බැරි උනා අමුත්ත පිටවෙලා යනවත් එක්කම දොර ආයෙත් වැහුන මම කෑගහන්න හැදුවත් ශබ්ධයක්නම් පිටවුනේ නෑ..... ඒත් එක්කම පහන් එලි නිවිල ගියා.....
මම හෙමින් සැරේ ගල් බිත්තිය ලඟට ගියා අර අමුත්තාගේ රටාවට අනුව ගල් බිත්තිය තෙරපුව ඒත් එක්කම ශබ්ධයක් නොනගාම ගල් දොර ඇරුන......
"ප්‍රීතී වීර ප්‍රීතී... ඔබට අගුලු මතක වේවි මෙහෙ අගුල හැර ගත්තානම් අනෙක්වත් ඔබගේ හිසේ කොහි හරි රැඳිලා තියේවි....සුවසේ යන්න සුවසේ නිදන්න හෙට උදෑසන අප වෙනදා සුපුරුදු තැනදී හමුවෙමු...ජයශ්‍රී"
සිද්ද වුනුදේ හිතාගන්නත් බැරුව මම බයිසිකලේට නැගගත්ත.... සෙමෙන් සෙමෙන් හෝටලයට පැමිනි මා බයිසිකලය ගසකට හේත්තු කරල සඳ එලිය යට වාඩි උනා...... මොහොතක් ඇස් පියාගෙන සිද්ද වුනු දේ මෙනෙහි කලා......
ඈත වෙල් යාය දිහා බලාගෙන හිටපු මගේ දැහැන බිඳුන සිරිල් එන සද්දෙට.....
"මහත්තයො, වාහනෙත් නැති එකේ මහත්තයට ඇවිදින්න මගේ ඉන්ටකූලරේ ලේස්ති කරල දෙන්නද?"
කට කොනක හිනාවක් තියාගෙන සිරිල් ඇහුව
"ආ ඔව් සිරිල් ඒක හොඳයි මට ඒක ලෑස්ති කරන්න ෆුල් ටෑන්ක් ගහලම තියන්න"
"ඒව හරි මහත්තයො ඒක හැමදාම ෆුල් ටෑන්ක් තමයි"
දහවල් ආහාරය නිමාකල මා,
"සිරිල්, මේසෙ ගෙනිච්චට මේ පුටුව තියන්න මම පොඩ්ඩක් වෙල පැත්තට ගිහිල්ල එන්නම්"
"හා මහත්තයො ගිහිල්ල එන්න"
"සිරිල් මම ඔයාගෙ ඉන්ටකූලරේ ගත්තහම ඔයා කොහොමද ගෙදර යන්නෙ දුර යන්නත ඕනි නේද"
"ඕක මොකද්ද මහත්තයො මම ඔය ලෑන්මාස්ටරේක හරි යන්නම්කො"
මම සෙමෙන් වෙල පැත්තට පිය නැගුව....
හ්ම්ම්ම්......ධීර...........ධීර..... කව්ද මේ...මොනාද කියන්න හදන්නෙ..... වීර............... කිසිම දෙයක් පැහැදිලි නෑ............
ඈතින් ඉපනැල්ල හරහා ඇදී එන සුළඟ මගේ සිතුවිලි ගෙනියන්න වගේ සැරට ආවත් ඒක කරන්න බෑ.........එකම තැන මම නතර වෙලා
ධීර------>වීර
නැවත සුපුරුදු තැනට ආපු මම ගහේ හෙවනැල්ලට වහන් වෙලා නිමක් නොපෙනෙන, ඒත් කොල අස්සෙන් ලස්සන රටාවක් එක්ක පේන අහස දිහා බලාගෙන උන්න
ඒ උනාට මගේ හිත අස්සෙ හිතුවිලි පොරයක්,
කව්ද මේ මා එක්ක විස්තර කියන කෙනා, කිසිම ඇඳුනුම් කමක් නැතුව මට නවතින්න
හිතුනෙ ඇයි මේක ඇත්තක්ද නැත්නම් මාව රවට්ටනවද..........අනේ මන්ද.........
හවස 5ට විතර ලෑස්ති උනු මා සිරිල්ගෙ ඉන්ටකූලරේත් කකුල් දෙක අස්සෙ ගහගෙන
රුවන් වැලි සෑය ලඟට ගියේ වැරදිලාවත් ධීර හිටියොත් සමාව ගන්නව කියල
හිතාගෙන.............. රුවන් වැලි සෑය දොරටුව අසලදීම මම දැක්කෙ දුටුගැමුනු
රජ ප්‍රතිමාව ගාව බවුන් වඩන ධීර.............
මම පැත්තකින් වාඩි
උනේ ඔහුට කරදරයක් කරන්න ඕනි නැති නිසයි....... ආයෙත් හොඳින් ධීර දෙස මම
බැලුවෙ ඇත්තටම කොහේද මේ පුරුදු මූණ දැක්කෙ කියල හිතමින්මයි.................... ඒ අතර තුර ඔහු සෙමින් ඇස් විවර කලා
"වීර මම දැන ගෙන හිටිය ඔබ ඒවි කියල ඒකයි මම ඔබව බලපොරොත්තුවෙන් හිටියෙ"
"කරුණාකරල මට අද විස්තරේ කියනවද හරියටම මට දැන ගන්න මේක"
"යමු වීර, ඔබට මේ විස්තරේ කියන්න ඕනි..........මම ඔබව සොයාගෙන කොච්චර කාලයක් ඉන්න ඇතිද අපිට නිම කලයුතු වැඩ කොටසක් තියෙනව"
"මොන වැඩද, අනික මම ඔබ එක්ක කරපු වැඩ මොනාද?"
"කලබල වෙන්න එපා වීර.....ඔබට මම කියන්නම් විස්තරේ"
එලෙසින් කියූ ඔහු ගල් වැටියක් මත් හිඳගත්ත....
පොහොය පහුවෙලා තාම කාලයක් නැති නිසා පින්බර හඳ රුවන්වැලි සෑයට උඩින් පායල පැත්තම ඒකාලෝක වෙලා............
මම මේ නන්නාදුනන අමුත්තෙක්ගෙන් කතාවක් අහන්න බලාගෙන ඉන්නව ඔහුගෙ සන්සුන් කම මාව නොසන්සුන් කරනව ඒත් ඒකෙ වගක්වත් ඔහුට නෑ
"වීර...... මම එසේ ඔබව ආමන්ත්‍රනය කරන එක නිවරදි නැහැ...ඒ ඇයි කියල ඔබට
පසුවට වැටහේවි ඒත් මා හට පුරුදු ඒ නාමය නිසා මා ඒක පාවිච්චි කරනව කමක් නෑ
නේද?"
"කමක් නෑ මට ඕනි මේ විස්තරේ දැන ගන්න"
"අපි මෙහෙම
පටන් ගනිමු........වීර කියන නාමය මේ අනුරපුරේ ප්‍රසිද්ධ උනේ ප්‍රථමයෙන්ම
ගල් වඩුවෙක් විදිහට..රජුගේ ප්‍රධාන ගල් වඩුව විදිහට...... ඕනෑම පර්වතයක්
මට්ටු කරල ජීවමාන රූප, ලියවැල්, කැටයම් මවන්න ඔබතරම් හපනෙක් හිටියෙ නෑ මේ
මුලු අනුරපුරේම........... රජුගේත් සෑම වැඩකටම සෑම සැරසිල්ලකටම මුල් උනේ
ඔබ....
"ගල් වඩුවෙක් වෙන්න බෑ ධීර මම එහෙම එකක් ඇහුවෙත් අද....අනික මම කොහොමද ඕව විස්වාස කරන්නෙ මට එහෙම ඒව මතකයක් වත් නෑ......
"වීර මම දන්නව ඔබ මේව විස්වාස කරන එකක් නෑ..... තව විස්තර කියනකොට ඔබ
සිතාවි මට මානසික රෝගයක් කියල ඒත් වීර මම පවසන්නේ සත්‍ය.... ඔබට මේ ගැන
අහන්න ප්‍රශ්න තියේවි මම දන්න හැම ප්‍රශ්නෙකටම පිලිතුරු සපයන්නම්"
මොකද්ද මේ ඒ පාර වෙන්න යන්නෙ මට තේරෙන්නෙ නෑ මොනාව කියන්නද මම මොකද්ද කරන්න ඕනි කියලවත්,
"වීර ඔබට මතකද සක්වල චක්‍රය..... රත්නමාලී සෑය වටේ පිහිටවූ ඇත් රූප
පෙල.... ඔබට දැනගන්න විස්තර බොහෝමයයි......අපි දෙදෙනා තමයි එකට වැඩකලේ...
ලියකම් කැටයම් මහා ගල්කනු මේව නිපදවූයේ අප දෙදෙනා ඔබ තරම් මා දක්ශයෙක්
නොවුනත් ඔබ සටහන් කරණ කටු සටහනේ පරිදි කැටයම මතු කලේ මමයි... ඔබ තමයි ඒ
කැටයම් වලට ජීවය පොවල අවසන් කරන්නෙ ඒ කැටයම් වලට ලියවැල් වලට සම කල හැක්කේ
ජීවමාන ලියවැල් පමණයි වීර"
"ඒත් මට මේව තේරෙන්නෙ නෑ ධීර ඔබ කියන්නෙ මොනාද කියල මට තේරෙන්නෙ නෑ........"
"ඔබ ඔය විදිහට ධීර කියනව අහන්න මම කොපමන කල් බලා සිටියාද...වීර අපි යමු මම
ඔබට පෙන්වන්නම් අපේ ස්ථානය නමුත් එහි එක් කොටසක් විවෘත කල හැක්කේ ඔබට
පමණමයි එහි අගුලු දන්නෙ ඔබ පමණයි එහි තමයි සියලුම වැඩ අවසන් කරණ ඔබගේ ජීවය
අජීවී ගල් කුලුවටල පනපොවන ස්ථානය"
එසේ කියමින් ඔහු සන්සුන්ව හුන් තැනින් නැගී සිටිය....මමත් ඔහුව අනු ගමනය කලේ වෙන කරන්න දෙයක් නැති කමටමයි.....
සන්සුන් ලීලාවෙන් ඉදිරියට ඇදෙන ඔහුත් එක්ක සිරිල්ගේ බයිසිකලය තල්ලු කරගෙන මමත් ඇවිදින්න පටන් ගත්ත
"ධීර....එතැනට ගොඩාක් දුර යන්න ඕනි නම් අපිට බයිසිකලයේ යන්න පුලුවන්"
"නැහැ වීර එතරම් දුරක් නෑ බොහෝම ලඟ අපි පාගමනෙන්ම යමු"
නැවතත් රුවන් වැලි සෑය දෙස හැරී බැලූ මා ඔහුත් එක්ක ගමන් කරන්න උනා...