Tuesday 27 August 2013

නොනිමි [දෙක]




"නැගී සිටින්න"

ඒ හඬ ලෙන්ගතුයි, ගාම්බීරයි............ මම වටපිට බැලුව වටේටම තියෙන්නෙ එක යායට තියෙන ගස් විතරයි...........ඒත් ඒ හඬ හුරු පුරුදුයි.......
හෙමීට උන් තැනින් නැගිට ගත්තු මම සෙමෙන් කාමරයට පිය මැන්න අයෙත් අර නිරුවත් දෙපයට වදින අකුනු සැරය හිස් මුදුන දක්වාම පැතිර ගියා..................

පසුවදා පාන්දරින්ම මම ආයෙත් ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුවට.........ඒ අර ශාන්ත රුව දකින්නට හිතාගෙන අවිනිශ්චිත හැඟීමකින්...................සුපුරුදු ඒත් කව්ද කියා නොදන්නා ඒ රුව පෙරදා වාගේම ශාන්තව නිවී සැනසිල්ලෙ බවුන් වඩනව...........


මම හෙමීට හැරිල ලෝවාමහ පාය අසලට ගියා........සත්පාරක් ගිලිල මහල් හත්කින් සමන් විත උනා කියල ඉතිහාසයේ කියවෙන ගල් කණු රැසකින් වට වුනු ලෝවා මහාපාය.........මම කොච්චර බැලුවත් එපා නොවෙන තැන්...................

ආයෙත් බැලුවහම ඒ ශාන්ත රුව පේන්නවත් නෑ.............හිත හදාගෙන රුවන් වැලි සෑයට යන්න ඕනි කියන හිතුවිල්ලත් එක්කම මම වාහනේට ආව

ඒ එනකොටත් ජoගම දුරකතනය කෑ ගහනව

"උඹල නැගිට්ටද මචන්"


"නැගිට්ටද?; කොහෙද බූතයො නොකිය යන්නෙ තනියම, කොහෙද උඹ ඉන්නෙ"


" හරි හරි මම මේ රුවන් වැලි සෑයට යනව උඹල එන්නෙ නෑනෙ ඒකයි මම තනියම ආවෙ අනික මේ අනුරාධපුරේ මට මොන තනියක්ද බන් ගෙදර වගේ"


" ඉක්මනට වරෙන් පරක්කු උනොත් අපි යනව තිස්ස වැවට නාන්න"


"උඹල පලයල්ල "


"හ්ම්ම් යන තැනක පරිස්සමෙන්"

ජoගම දුරකතනය ක්‍රියාවිරහිත කල මම වාහනේත් අරන් රුවන් වැලි සෑය කා පාක් එකට ආව.......

රුවන් වැලි සෑ රජුන් වන්දනා මාන කරගත්තු මම පොඩ්ඩක් වටේ ඇවිදින්න කියල හිතාගෙන වාහනේ තියල එලියට ආව................

නටඹුන් දකිද්දි ඉස්සර කොයි තරම් ලස්සනට මේ පැත්ත තියෙන්න ඇතිද කියල හිතෙන්ව...... සෙන්පතියන් පිට උඩ තියාගෙන අස්සයො මේ පරවල් දිගේ දුවන්න ඇති.........ඇස් දෙක පියාගත්තහම ලස්සන චිත්‍රයක් වගේ ඒ ටික මගේ හිතේ ඇඳෙන්න ගත්ත ජීවමාන විදිහටම.............

ඒ ලස්සන චිත්‍රයත් ඇහේ රඳෝගෙනම මම මයිල ගහක් යටින් වාඩි උනා............ ඇඟට දැනෙන සුවබර කම මට මීට කලින් දැනිලම නෑ............මම තව තවත් ඇස් පියාගෙන ඒ චිත්‍රයෙ රස විඳින්න ගත්ත...................
අස්සයන්ගෙ ටකස් ටොකොස් සද්දෙ ම්ගේ කන ලඟින්ම ඇහෙනව හස්ති රාජයෙක් කුන්චනාද කරනව ඈතින් ඇහෙනව..............මම මේ චිත්‍රයට ලෝබ කලා ගොඩාක්ම...............කවුරුන් හෝ ලඟට එන බවක් දැනුන ඒ හැබැහින්ද නැත්නම් මේ චිත්‍රයෙන්ද.............හිතාගන්න බෑ ඒත් මම ඇස් දෙක පියාගෙනම හිටිය.......

ඒත් අර එදා ඇහුනු ලෙන්ගතු ගාම්බීර කට හඬ ආයෙත් ඇහෙන්න ගත්ත..........

"අවසර......... සමාවෙන්න හිරි හැරයක් උනානම්"

ඇස් දෙක ඇරිය නෙමෙයි ඉබේ ඇරුන............
දැක්ක දෙයින් මම ගල් ගැහුන...........

Sunday 25 August 2013

මිසිස් පෙරේරා

මටත් පොඩි කතාවක් දන්න කියල හිතුන...... පොඩියක් නැවතිලා කියෝල කොරල පොඩියට කොමෙන්ටුවක් දාල කොරල යනවනම් පක්සියත් සතුටුයිලු.......

මෙන්න මෙහෙමලු වෙලා තිබ්බෙ....... ඔය කට්ටියම අහගනිල්ල ඈ අන්තිමට ඇහුනෙ නෑ....... මොකද්ද කියල අහන්න එපා හරිය.......

ඔන්න සුමනදාස මහත්තය වැඩ කොලේ කොළඹ රටේ ඔපීසියක..... දවසක අපේ සුමනදාස මහතුන්ට සිද්ද උනා පොරගෙ පොඩි එකාව ඔපීසියට ගෙනියන්න...........මොනා කොරන්නද බැන්දහම ඔහොම තමයිනෙ ඈ.........(දැන් මචo එහෙම බෑනෙ පවුල් වෙලා මo)  කෝම හරි පොඩි එකත් හරි හුරතල් හාදය..... 

සුපෙම්වතුනි ඔය පලවෙනි රූප රාමුවෙන් පේන්නේ අපේ සුමනදාස මහතුන්ගේ හුරතල් පුත්‍ර රත්නයයි.....................
කෝම හරි ඔය ඔපීසි වල ඉන්නවනෙ අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනයන් අන්න ඒම කෙනෙක්..... ඉතින් හිටාල්ලකො රූප රාමුව පෙන්නන්නම් එතකොට අඟර දඟර කියන්නෙ මොකද්ද කියල බලාගන්න පුලුවන් ඉඳගෙන............... කලබොලේනෙ මොකක්වත් කොරගන්න බෑ..................

දෙවන රූප රාමුවෙන් ඒ  අඟර දඟර අහින්සක කාන්තා රත්‍රනය නිරූපනය වේ... ඇය නමින් පෙරේරා නම් වන්නීය



කෝම හරි මේ හුරතල් පුතාව දැක්ක ගමන් කොලුව ලඟට ආපු පෙරේරා ඇන්ටි...... කොලුව කිව්වෙ පොඩි එකා බොලව් සුමනදාස මහතුන් නෙවී

"හානේ.........සෝයි තූති බබෙක්, බබාගෙ නම මුකක්ද?, තත්තලන් කියන්නකෝ තූති බබාට මොනාද කන්න ඕනි"

බබා නිකන් හොල්මන්ද පොල්කොළ වගේ බලාගෙන ඉන්නවලු..............

"කීන්නකෝ බබාට තොකලත් ඕනිද, නැත්නම් රතම රත තොපි ගෙනල්ල දෙන්නද අයිත් ක්‍රීන් නැත්නම් මොනාද ඕනී"

බබා නිකන් හත්තිලව්වට ගහපු කලාබරේ වගේ ඇස් දෙකත් මේම කොරන් බලාගෙන ඉන්නවලු පෙරේරා ඇන්ටි දිහා.............


"බබාට කක්කන් ගෙඩියක් ගෙනල්ල දෙන්නද, බබ්ම ජෝ එක්ක"

කොලුව ඔහේ මොකාද වගේ ඉන්න නිසා පෙරේරා අක්ක සුමනෙට කියනවලු 

"අනේ මිස්ටර් සුමනදාස පොඩි බබාට හරියට කතාකරගන්න බෑ වගේ නේද" 

අන්න එතනදී සුපෙම්වතුනි 

"මට නෙමේනෙ ඇන්ටිටනෙ හරියට කතාකරගන්න බැරි"

කියන පොඩි එකාගේ හුරතල් වදනත් එක්කම අපේ පෙරේරා අක්ක තිබ්බ ඇඳුමත් ගලෝගෙන වාස්ප උනාලු වටෙන්ම ආපු මහලොකු හිනාවත් එක්කම

මොරාල් ඔප් ද කතාව

පොඩි උන් එක්ක ටෝක් කොරන කොට බලාගෙන...........





Friday 23 August 2013

නොනිමි (පළමු කොටස )

            බෝ පත් අතරින් ලස්සනට හද පායල............හරිම පින් පාටයි..... මම හැමදාම ආස කල බෝ පත් සිලි සිලිය මට වෙනදාටත් වඩා දැනෙනව කියලයි මට හිතුනෙ.............බෝ මළුවෙන් හමා එන හඳුන් කූරු සුවඳ තෙල් වලින් එන සුවඳට මම ඇලුම් කලා කවදත්..
ඒ අතරින් ගිය පෝයදා මම දැක්ක ඒ ශාන්ත රුව ආයෙත් මගෙ ඉදිරියෙ..........
එදා වාගෙමයි මට තාමත් හිතාගන්න බෑ කොහේ හෝ දැකල පුරුදු ගතියක්,සමීප බවක් දැනුනට, කොහොමද මම එක පාරටම කතා කරන්නෙ................ බවුන් වඩන ඒ රුව දෙස මා බලාගෙන උන්න ටික වෙලාවක්..........තැත්තටම මේ කව්ද?
මමත් සුපුරුදු විදිහටම ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ ගේ සෙවන යට සුපුරුදු තැනම වාඩි උනා......
ඒ බවුන් වඩන රුව නොපෙනෙන්න කියල හිතාගෙන ඒත් ආයෙත් මට හැරිල බලන්න හිතුන.....
සුපුරුදු ශානත් ආකාරයෙන්ම දැහැන් ගත වෙලා...ගිය පෝය දා වාගේ මයි...........

හිත එකල්ස් කරගන්න උත්සාහ කරගෙන මමත් හෙමීට ඇස් පියාගත්ත ඒත් මට පෙනෙන්න ගත්තෙ ඒ රුව.....
මම ආයෙත් හැරිල බැලුව ඒ ශාන්ත රුව අතුරුදහන් වෙලා.....................




හිත සැහැල්ලු කරගෙන භාවනාවක යෙදුනු මා නැවතී උන් නිකේතනයට පැමිනියත් මට වද දුන්නේම ඒ ශාන්ත රූපයමයි.........මේ කව්ද??????????

නින්දකට ඉඩහසර නැති මගේ ඇස් දෙකත් ඇරගෙන මම එලියෙන් වාඩිඋනා මේ පරිසරය නිස්කලන්ක බව මට කොච්චර සමීපද, නිරුවත් දෙපයෙන් ඇවිදිනකොට පතුලෙන් හිස්මුදුන වෙනකම්ම අමුතු හැඟීමක්.......... අනුරාධපුරය මම හැමදාම කල්පනා කරපු තැනක්.........මේ වැව්, විශේෂයෙන් මල්වතු ඔය මට මගේම කියන හැඟීමක් ගේනව මට මේව හරිම පුරුදුයි............. ඒත් ...........උත්තරයක් නැති ප්‍රශ්නයක්

වත්තෙ ගහකට පිටදුන් මට විනාඩි කීපයකට නින්ද ගිහිල්ල ඒත් එක පාරම අවදි වුනු මා ඒ ඇසුනු හඬ ගැන කල්පනා කෙරුව...............
 

__________මතු සම්බන්දයි ________

Wednesday 21 August 2013

තනුව හොයමින් තාම දඟලන මමයි තාමත් කෝඩු සමනල

ඇස් අගිස්සෙන්
බලන බැල්මට
නැවතුනා සත්තයි
මගේ හිත....
සුළඟ සමගින් නටන 
කියඹු වැල
කිව්වෙ මාහට ලඟට එන්නට...
කෝපි මල් වැනි සිනහ පොදකට
හිර උනා මගෙ යොවුන් හදවත
ඇවිද යන්නට අනන්තය වෙත
දෙනවාද ඔබෙ දිගැටි රතැඟිල්ල....
හීන පුරවන දෑස අද්දර
නුඹයි මාගේ සොදුරු කවිකම
තනුව හොයමින් තාම දඟලන
මමයි තාමත් කෝඩු සමනල